Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අලුත් අවුරුද්දට විදේශගත ලාංකිකයන් එවන ඩොලරයකට රු. 38ක් වැඩියෙන් – ඒ අස්සේ ඩොලරයට රුපියල් 230 දක්වා පා කරයි

විදේශගත ශ්‍රමිකයන් අලුත් අවුරුදු සමයේ එවනු ලබන විනිමය ආදායම වෙනුවෙන් ඇමරිකානු ඩොලරයකට රුපියල් 38 බැගින් දිරිගැන්වීමේ දීමනාවක් ගෙවීමේ යෝජනාව, කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර කැබිනට් මණ්ඩලය ඊට අනුමැතිය ලබා දී තිබේ.

එමෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඩොලර් එකක් සඳහා රුපියල් 230ක් දක්වා විශාල වශයෙන් අවප්‍රමාණය කිරීමක් සිදු කර තිබේ.

මේ දක්වා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඩොලරයේ රුපියල් විනිමය අනුපාතය විකුණුම් මිල රුපියල් 203ක මට්ටමේ කෘතීමව පවත්වාගෙන තිබිණි. එහෙත් කළුකඩ වෙළඳපොළේ එය රුපියල් 250ක් පමණ වී තිබිණි. මෙම තත්වය තුළ මහ බැංකුව විසින් අවම වශයෙන් රුපියල් 27කින් ඩොලරයට නියම වී තිබූ විනිමය අනුපාතය පා කර හැර තිබේ.

මෙම තීරණය ගෙන ඇත්තේ ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන ඩොලර් අර්බුදය විසඳා ගැනීම සඳහා විදේශ විනිමය රටට ගෙන්වා ගැනීමට උනන්දු කිරීමේ පියවරක් ලෙසය.

Exit mobile version