Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර නිදහස් කිරීමට එරෙහිව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට

හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර නිදහස් කිරීමට එරෙහිව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට

හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර නිදහස් කිරීමට එරෙහිව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වැළැක්වීමට ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වැළැක්වීමට කටයුතු නොකිරීම ඇතුළු චෝදනා මත හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර නිදොස් කොට නිදහස් කිරීම අභියෝගයට ලක් කරමින් නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ගොනු කර තිබේ.

එම අභියාචනයේදී නීතිපතිවරයා කියා සිටියේ නඩුවේ විභාගය අවසන් වීමෙන් පසු විත්තිකරුවන් කැඳවීමකින් තොරව විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ගත් තීරණය වැරදි බවයි.

එබැවින් එම තීන්දුව අවලංගු කර නඩුව නැවත සලකා බලන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස නීතිපතිවරයා ඉල්ලා ඇත.

Exit mobile version