Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතීන් කඩිනම් කිරීමට අමාත්‍යවරු පස් දෙනෙකුගෙන් යුත් අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක්

පළමු​ ශ්‍රේණියට දරුවන් ඇතුළු කිරීමේදී ඔප්පුවේ බර ලිහිල් කරයි

පළමු​ ශ්‍රේණියට දරුවන් ඇතුළු කිරීමේදී ඔප්පුවේ බර ලිහිල් කරයි

වසර 2030 වන විට මෙරට විදුලි උත්පාදනයෙන් සියයට 70ක් පමණ පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් මඟින් උත්පාදනය කරගැනීමේ රජයේ ඉලක්කය සපුරාගැනිම කඩිනම් කිරීම සහ යෝග්‍ය පියවර ගැනීම සඳහා පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතීන් කඩිනම් කිරීමට අමාත්‍යවරු පස් දෙනෙකුගෙන් යුත් අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත්කිරීමට අමාත්‍ය මණ්ඩල තීරණය කර තිබේ.

මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා එම අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ සභාපතිවරයා ලෙස පත්කර තිබේ.

ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල, තරුණ හා ක්‍රීඩා අමාත්‍ය – සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය නාමල් රාජපක්ෂ සහ අධිකරණ අමාත්‍ය අලි සබ්රි යන අමාත්‍යවරුන් මෙම අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ සෙසු සාමාජිකයෝ වෙති.

හඳුනාගෙන ඇති පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීම සඳහා උනන්දුවක් දක්වන ආයෝජකයින් අතරින් සුදුසු ආයෝජකයින් තෝරා ගැනීම, ඉහළ ශක්‍යතාවයෙන් යුතු නව ව්‍යාපෘතීන් හඳුනාගැනීම, ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීම සඳහා පවතින නීතිමය හා අනෙකුත් බාධාවන් ඉවත් කිරීම සඳහා යෝග්‍ය පියවර ගැනීම සහ පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් උත්පාදනය කරන විදුලිය මධ්‍යම සම්ප්‍රේෂණ ජාලයට සම්බන්ධ කිරීමේ පහසුකම් වැඩි දියුණු කිරීම ආදි කාර්යන් කෙරෙහි මෙම අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ අවධානය යොමු කළ යුතුය.

මෙම අනුකමිටුව ගනු ලබන ක්‍රියාමාර්ගයන් සහ ඒවායේ ප්‍රගතිය සම්බන්ධයෙන් වාර්තාවක් සෑම මාස දෙකකට වරක් අමාත්‍ය මණ්ඩලයේ ඉදිරිපත් කළ යුතුය.

Exit mobile version