Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ආණ්ඩුවෙන් එළියට බැසීමට ඕනෑම වෙලාවක සූදානම් – දයාසිරි ජයසේකර

කතානායකට එරෙහිව දයාසිරිගෙන් අන්තර්ජාතික පාර්ලිමේන්තු සංගමයට පැමිණිල්ලක්

කතානායකට එරෙහිව දයාසිරිගෙන් අන්තර්ජාතික පාර්ලිමේන්තු සංගමයට පැමිණිල්ලක්

පක්ෂ මධ්‍යම කාරක සභාවේ අනුමැතිය සහිතව ආණ්ඩුවෙන් එළියට බැසීමට ඕනෑම වෙලාවක සූදානම් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

එනිසා පක්ෂය වැඩපිළිවෙළට ගම් බිම් මට්ටමේ ඉතා ශක්තිමත්ව ගොඩ නැගිය යුතු බවද හෙතෙම කියා සිටියේය.
වත්මන් ආණ්ඩුව සිදුකරන සංවර්ධන ව්‍යාපෘතිවලින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලබා දී ඇත්තේ ඉතාම සුළු ප්‍රමාණයක් බවද හෙතෙම පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොළොන්නරුව දිස්ත්‍රික් සමුළුව අමතමින් හෙතෙම මෙම අදහස් පල කරන ලදී.

Exit mobile version