Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ශ්‍රී ලාංකික සුපිරි පාපන්දු ක්‍රීඩකයකු මාලදිවයිනේදී අභිරහස් ලෙස මරුට

ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම නියෝජනය කළ සුපිරි ක්‍රීඩකයෙකු වන ඩක්සන් පුස්ලාස් මාලදිවයිනේ දී ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා වේ.

ඔහු වාසය කළ මහල් නිවාසයේ තිබූ ඔහුගේ සිරුර (26)වන දින සවස හමු වී ඇත. මරණයට හේතුව කුමක්ද යන්න පිළිබඳව නිල වශයෙන් එරට පොලිසිය හෝ මාලදිවයින් පාපන්දු සම්මේලනය හෝ දැනුම් දී නොමැති අතර, මෙය සිය දිවි නසා ගැනීමක් බවට සැක පල වේ.

31 වැනි වියේ පසු වූ ඔහු මාලදිවයිනේ වාසය කරමින් Valencia ක්‍රීඩා සමාජයේ සාමාජිකයෙකු ලෙස Dhivehi Premier League තරගාවලිය සඳහා ක්‍රීඩා කරමින් සිටියේයය.

 

 

Exit mobile version