Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අද රටේ ප්‍රශ්න ගොඩකට හේතුව පෙර රජය ගත් ණය සහ වැරදි – ජනපති

රට පාලනයේදී ජනතාවගේ නිදහස සහ අපේක්ෂා තහවුරු කෙරෙන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයෙන් බැහැර නොවන බවත්, එමෙන්ම ඉන් ලැබෙන නිදහස වැරදි ලෙස පාවිච්චි නොකරන්නැයි ජනාධිපතිවරයා විසින්, සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියි.

ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේ (26) වන දින පැවති මහවැලි රන්බිම ඔප්පු ලක්ෂයක් බෙදාදීමේ වැඩසටහනේ දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

පෙර රජයන් ගත් ණය පොළී සමඟ ගෙවීමට සිදුව තිබෙන බවත් මේ ගැටලු තමාගේ හෝ රජයේ වැරදි මත සිදු වූවක් නොවන බවත්, විදේශ විනිමය නොමැතිවීම වර්තමානයේ මුහුණ දීමට සිදුව ඇති ප්‍රධාන ගැටළුවක් වන අතර කොවිඩ් වසංගතය හේතුවෙන් සංචාරක හා විදෙස් රැකියා වලින් ලැබෙන විනිමය අහිමි වීම ඊට ප්‍රධාන හේතුවක් බවත්, ජනාධිපතිවරයා සඳහන් කළේය.

පළමු අදියර යටතේ නිරවුල් කළ ඔප්පු 35,000ක් මහවැලි කලාප 10ක ගොවි ජනතාවට ප්‍රදානය කෙරේ.

 

Exit mobile version