Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ත්‍රිපිටක ග්‍රන්ථ සම්පාදක මණ්ඩලය විසින් පරිවර්තනය කළ ත්‍රිපිටක ග්‍රන්ථ 07ක් ජනගත කෙරේ

ත්‍රිපිටක ග්‍රන්ථ සම්පාදක මණ්ඩලය විසින් පරිවර්තනය කළ ත්‍රිපිටක ග්‍රන්ථ 07ක් ජනගත කෙරේ

ත්‍රිපිටක ග්‍රන්ථ සම්පාදක මණ්ඩලය විසින් පරිවර්තනය කළ ත්‍රිපිටක ග්‍රන්ථ 07ක් ජනගත කෙරේ

බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් සංක්ෂිප්ත ත්‍රිපිටක ග්‍රන්ථ සම්පාදක මණ්ඩලය විසින් පරිවර්තනය කළ ත්‍රිපිටක ග්‍රන්ථ 07ක් බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනගත කිරීම (24) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී සිදුවිය.

බුද්ධ ජයන්ති ත්‍රිපිටක මණ්ඩලයේ දිගුවක් ලෙසින් පත් කළ ත්‍රිපිටක ග්‍රන්ථ සම්පාදක මණ්ඩලය වසර කිහිපයක සිට මෙම ත්‍රිපිටක ග්‍රන්ථ පරිවර්තන කාර්යය මූලික බුද්ධ භාෂිතයට හානියක් හෝ අර්ථ විපරීතයක් සිදු නොවන අයුරින් පුනරුක්ති රහිතව සිදුකර ඇත.

සංක්ෂිප්ත ත්‍රිපිටක ග්‍රන්ථ මාලා අංක 20 සිට 27 දක්වා සිංහල මහානිද්දේස පාළි, සිංහල චූල්ලනිද්දේස පාළි, සිංහල පටිසම්භිදාමග්ගප්පකරණ පාළි – 1, සිංහල පටිසම්භිදාමග්ගප්පකරණ පාළි – 2, සිංහල ථේර අපදාන පාළි – 2, සිංහල ථේරී අපදාන පාළි – 2, සිංහල බුද්ධවංස පාළි හා චරියා පිටක පාළි ග්‍රන්ථ 07 මෙලෙස එළිදක්වමින් ජනගත කෙරිණි.

Exit mobile version