Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ලැබී ඇති නිදහස වැරදියට පාවිච්චි නොකරන්න – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ

ලැබී ඇති නිදහස වැරදියට පාවිච්චි නොකරන්න - ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ

තම පාලනය යටතේ ලැබී ඇති නිදහස වැරදි ආකාරයට පාවිච්චි නොකරන්නැයි සියලු පාර්ශ්වවලින් ඉල්ලීමක් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇඹිලිපිටියේදී පැවසීය.

රට පාලනයේදී ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයෙන් තමා බැහැරට නොයන බවද හෙතෙම සඳහන් කළේය. ජනාධිපතිවරයා මෙසේ පැවසුවේ ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගනයේදී (26) පෙරවරුවේ පැවැති මහවැලි රන්බිම ඔප්පු ලක්ෂයක් බෙදා දීමේ උත්සවයේදීය.

පෙර රජයන් ගත් ණය අද පොළී සමග ගෙවීමට සිදුව ඇති බවත් මේ ගැටලු තම පාලන සමයේදී ඇතිවූ ඒවා නොවන බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේ‍ය.

රට අමාරු තත්වයක පවතින අවස්ථාවක අසාධාරණ වැඩ වර්ජන වලට යෑම සුදුසු නැති බව පැවසූ රාජපක්ෂ මහතා මේ අවස්ථාවේදී විපක්ෂය ඇතුළු සියලු පාර්ශවයන් රජය සමඟ එකතුවී සහයෝගය දැක්විය යුතු බවද සඳහන් කළේය.

වගකිවයුතු විපක්ෂයක කාර්යභාරය එය බව ඔහු වැඩිදුරටත් කීවේය.

Exit mobile version