Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ගැටලුවලට තවදුරටත් විසඳුම් ලබා නොදුනහොත් මාර්තු 2වනදා සිට යළි අඛන්ඩ වර්ජනයක – සෞඛ්‍ය වෘත්තීයවේදීන්

ගැටලුවලට තවදුරටත් විසඳුම් ලබා නොදුනහොත් මාර්තු 2වනදා සිට යළි අඛන්ඩ වර්ජනයක - සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය

ගැටලුවලට තවදුරටත් විසඳුම් ලබා නොදුනහොත් මාර්තු 2වනදා සිට යළි අඛන්ඩ වර්ජනයක - සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය

තම ගැටලුවලට තවදුරටත් විසඳුම් ලබා නොදුනහොත් ලබන මාර්තු 2 වනදා සිට යළි අඛන්ඩ වර්ජනයක් ආරම්භ කරන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය ප්‍රකාශ කළා.

එම සම්මේලනයේ කැඳවුම්කරු රවී කුමුදේශ් කියා සිටියේ ලබාදුන් දින 14ක කාලය මාර්තු පළමුවනදායින් අවසන් වන බවයි. සෞඛ්‍ය වෘත්තීයවේදීන් සමග ඇති කර ගත් එකඟතා කිසිවක් මෙතෙක් ඉටු කර නොමැති අතර මේ හේතුවෙන් මාර්තු දෙවන දින සිට නැවත වර්ජනය ආරම්භ කිරීමට, සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ විධායක සභාව ඒකමතිකව තීරණය කර ඇතැයි ඔහු සඳහන් කළා.

විධායක නිළධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව ඉදිරිපත් කර ඇති වැටුප් යෝජනාව මගින් විෂමතාවයන් වර්ධනය කර ඇති බවයි රවී කුමුදේශ් පෙන්වා දෙන්නේ.

Exit mobile version