Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සෘජුවම ජනාධිපති යටතට

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සෘජුවම ජනාධිපති යටතට පවරාගැනීම ඇතුළු මූලික කටයුතු තුනක් වෙනුවෙන් වූ කැබිනට් සංදේශයක් ජනාධිපති ගෝටාබය රාජපක්ෂ ඉදිරිපත් කර ඇති අතර එය (21)වන දින කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡාවට ගැනීමට නියමිතය.

වඩාත් තිරසාර සහ ක්‍රමානුකූල සේවාවක් ලබා ගැනීමේ අරමුණෙන් එය ජනාධිපති යටතට සෘජුවම ගන්නා බව හෙළිකර තිබේ. ඉන් පසුව අදාල ප්‍රදේශයේ නාගරික සංවර්ධනය, අපද්‍රව්‍ය බැහැරකරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු ජනාධිපති යටතේ සිදු කිරීමට නියමිතය.

මෙම කැබිනට් පත්‍රිකාව මගින් විශේෂයෙන්ම ආවරණය කර ගැනීමට නියමිතව තිබෙන්නේ ව්‍යාපෘති කලමනාකරන ඒකකයේ මූල්‍ය ප්‍රතිපාදන සම්බන්ධ සියලුම අධීක්ෂණ කටයුතු සහ පරිපාලන කටයුතු ජනාධිපතිවරයාට කේන්ද්‍රගතකිරීමයි.

මෙම මූලික අරමුණු වෙනුවෙන් ජනාධිපති විසින් පෙබරවාරි 15 වෙනි දින අදාල කැබිනට් සංදේශයට අත්සන් තබා ඇත.

Exit mobile version