Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මන්නාරමේ ක්‍රියාධරයකුගේ සංවිධානය ගැන ත්‍රස්ත විමර්ශන පොලීසිය ප්‍රශ්න කරයි

ත්‍රස්ත විමර්ශන පොලීසිය (TID -Terrorism Investigation Devision) විසින් මන්නාරමේ බහුජන ක්‍රියාධරයකු ප්‍රශ්න කිරීම සඳහා කොළඹට කැඳවද්දී නොර්වේ තානාපතිනිය ‘ජන ජීවිතය නගා සිටුවීමට’ එම ප්‍රදේශයේ සංචාරයකට එක් වී තිබේ.

කොළඹ ත්‍රස්ත විමර්ශන පොලිස් මුලස්ථානයේදී සිකුරාදා [18]වන දින ක්‍රියාධරයාගෙන් පැය පහක් තිස්සේ ප්‍රශ්න කරන ලද බව ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS) පවසයි.

ඛනිජ වැලි කැනීම හා සුලං බල විදුලි උත්පාදන ව්‍යාපෘතිය යටතේ ඉදි කොට ඇති විදුලි උත්පාදන පංකා 36 හේතුවෙන් මන්නාරම් දුපතේ ජන ජිවිතයට හා පරිසරයට හානිවන බවට දුපත්වාසියෝ දිගින් දිගටම උද්ඝෝෂණය කරති.

නොර්වේ තානාපතිනිය හා දිසා ලේකම්වරිය අතර පැවති සාකච්ජාවේදී මෙම කරුණු ගැන විශේෂ අවධානයක් යොමු වූ බව එහි ගිය මන්නාරමේ මාධ්‍යවේදියෝ පවසති.

ඊට අමතරව මන්නාරම් මුහුදේ අනවසරයෙන් මසුන් මරණ ඉන්දීය ධීවරයන්ගේ ගැටලුවත්, දිසා රෝහලේ වැඩි දියුණු කටයුතු ගැනත් සාකච්ජා කර තිබේ.

දශක ගනනාවක් පුරා යුද්දයෙන් පිඩාවට පත් ජනතාවක් වෙසෙන මන්නාරම් දිස්ත්‍රික්කයේ කාන්තාවන්ගේ සංවර්ධනය ගැන වැඩසටහන් දියත් කිරීම ගැනද නොර්වේ තානාපතිනි එස්කෙඩල් මෙහිදී සාකච්ජා කළ බව තානාපති කාර්යාලය කියයි.

තානාපතිනියගේ මන්නාරම් සංචාරය සිහිවනු පිණිස දිසා ලේකම්වරිය විසින් ඇයට සමරු තිළිණයක් පිරිනැමූ අතර සාකච්ජා සඳහා අතිරේක දිසා ලේකම් එස්.ගුණබාලන්, දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂ කේ.මහේන්ද්‍රන් ද එක්ව සිටියහ.

Exit mobile version