Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ශ්‍රී ලංකන් ගුවන් නියමුවන් අකුරට වැඩ

ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගමේ ගුවන් නියමුවන් අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී තිබෙනවා. ශ්‍රී ලංකා ගුවන් සේවා ගුවන් නියමු සංසදය පවසන්නේ අනුමත වාර්ෂික නිවාඩු දිනවලදී සහ පියාසර ලැයිස්තුවේ සඳහන් නිවාඩු දිනවලදී රාජකාරිවල නිරතවීමෙන් වැළකී තමන්ට පැවරී ඇති රාජකාරී පමණක් සිදු කිරීමට තීරණය කර ඇති බවයි.

ශ්‍රීලන්කන් ගුවන් සේවා පාලනාධිකාරිය විසින් පසුගිය දෙසැම්බර් මාසයේදී සිදු කළ නීත්‍යනුකූල නොවන කප්පාදු කිරීම් සඳහා සාධාරණ විසඳුමක් ලබාදෙන ලෙස ඉල්ලමින් මෙම අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කර තිබේ.

මෙම ඉල්ලීම් සඳහා සාධාරණ විසඳුම් ලබාදෙන බවට ගුවන් සේවා පාලනාධිකාරිය ලිඛිතව පොරොන්දු ලබා දී ඇති නමුත්, එම පොරොන්දු ඉටු කිරීමට ඔවුන් අසමත් වී ඇති බව පෙන්වා දෙන ගුවන් නියමු සංසදය පවසන්නේ තම ඉල්ලීම්වලට විසඳුම් ලබාදෙන තෙක් අකුරට වැඩ කිරීමේ ව්‍යාපාරය ක්‍රියාත්මක කරන බවයි.

Exit mobile version