Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අපරාධ නඩු කඩිනමින් විසඳීමට පූර්ව නඩු විභාග කිරීමේ ක්‍රමයක් – අලි සබ්රි

අපරාධ නඩු කඩිනමින් විසඳීම සඳහා පූර්ව නඩු විභාග කිරීමේ ක්‍රමයක් අපරාධ නීතියට හඳුන්වාදීමට බලාපොරොත්තු වන බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඒ අනුව වාර්තාධිකාරී විනිසුරුවරුන් නැමැති නව විනිසුරුවරුන් කොට්ඨාශයක් හඳුන්වාදීමට යෝජනා කර ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධන පනත් කෙටුම්පත, අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත, සිවිල් නඩුවිධාන සංග්‍රහය සංශෝධන පනත් කෙටුම්පත ඇතුළු පනත් පෙටුම්පත් 05 ක් දෙවන වර කියවීමේ විවාදයට එක්වෙමින් අධිකරණ අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

වාර්තාධිකාරී විනිසුරුවැන් පත් කිරීමේ බලය දේශපාලනඥයින්ට පැවරීම සුදුසු නොවන බවත්, එම බලය අධිකරණ සේවා කොමිෂන් සභාවට පැවරිය යුතු බවත්, අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළා.

 

Exit mobile version