Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

බුද්ධික පතිරණ මෙවර උ.පෙළ විභාග අපේක්ෂිත දරුවන් පිරිසකට ගණ දෙවි පූජාවක් පවත්වයි! විභාගය ලිවීමට මතුරන ලද පෑන් සහ ෆයිල් කවර බෙදා දෙයි!

පෙබරවාරි 06 වන දින අපොස.උ.පෙළ විභාග අපේක්ෂිත දරුවන් පිරිසක් වෙනුවෙන් බුද්ධික පතිරණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ගණ දෙවි පූජාවක් පවත්වනු අපි දුටුවෙමු. ඊට පෙර පසුගිය ජනවාරි 20 වනදාත් ඔහු එවැනිම පූජාවක් ශිෂ්‍යත්ව විභාග අපේක්ෂක දරුවන් වෙනුවෙන් පවත්වා තිබුණු අතර එහිදී විභාගය ලිවීම සඳහා මතුරන ලද පෑන් සහ ෆයිල් කවර ද එම දරුවන් අතර බෙදා දී තිබිණි.

දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳ සැබෑ කැක්කුමක් ඇත්නම් කළයුතු වන්නේ විභාග ඉලක්ක කරගත් අධ්‍යාපන සම්මන්ත්‍රණ පැවැත්වීම හෝ විභාග අපේක්ෂකයින්ගේ චිත්ත ධෛර්යය ඉහළ නැංවීම සඳහා අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශේෂඥයකු ගෙන්වා එම සිසුන්ට අවශ්‍ය උපදෙස් සහ මගපෙන්වීම ලබාදීම ය. එසේ නොමැතිව ගණ දෙවි පූජා පැවැත්වීම නොවේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ වන විට දුෂ්කර පාසල් වල දරුවන් වෙනුවෙන් පරිගණක, ඩිජිටල් පරිගණක පුවරු බෙදා දෙමින්, අධ්‍යාපනය ඩිජිටල්කරණ කිරීම පිළිබඳ කතා කරමින් යන අතරේ බුද්ධික පතිරණ තවත් පැත්තකින් මිත්‍යාව වපුරමින් අධ්‍යාපනය ගණදෙවිකරණය කරමින් යෑම බැලූ බැල්මට අහසට පොළව මෙන් ප්‍රතිපත්තීන්ය. ඇත්තෙන්ම බුද්ධික පතිරණ කරන්නේ සමගි ජන බලවේගයේ නායකයාගේ අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීමේ ප්‍රතිපත්තියත් හාස්‍යයට සහ උපහාසයට ලක්කිරීම ය.

Exit mobile version