Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

බැසිල්ගේ වැඩ ලක්ෂය ව්‍යාපෘතියට EPF සල්ලි අරගෙන

ආණ්ඩුව මෙයට දින කිහිපයකට පෙර පනවන ලද අධිභාර බදු මුදල සේවක අර්තසාදක අරමුදල ඉලක්ක කර ගනිමින් මුදල් ඇමති බැසිල් රාජපක්ෂගේ වැඩ ලක්ෂයක් ප්‍රචාරක ව්‍යාපෘතියට අවශ්‍ය මුදල් ලබාගැනීම වෙනුවෙන්ම ඇති කරන ලද බව මුදල් අමාත්‍යාංශ ආරංචිමාර්ග වලින් අනාවරණය වේ.

බැසිල්ගේ මෙම ව්‍යාපෘතිය අයවැය යෝජනාවක් අනුව ක්‍රියාත්මක කරන බව ප්‍රචාරය කිරීමට උත්සාහ කළද ඒ වෙනුවෙන් ආදායම් ලබා ගැනීමට කිසිදු හැකියාවක් ආණ්ඩුවට නොමැතිව තිබියදී මෙම අධිභාර යෝජනාව ඉදිරිපත් කර ඇත. මෙහිදී වාර්ශික ලාභය රුපියල් කෝටි 200කට වැඩියෙන් උපයන ව්‍යාපාරවලින් 25%ක බදු මුදලක් අය කිරීමට ක්‍රියාකරමින් සිටී.

මුදල් අමාත්‍යාංශ ආරංචිමාර්ග සඳහන් කරන්නේ මෙම අධිභාරයෙන් සේවක අර්තසාදක අරමුදල වෙත වාර්ශිකව ගලාගෙන එන ආයෝජන ආදායම්වලින් විශාල මුදලක් ආණ්ඩුව ලබාගැනීමට සැලසුම් කර ඇති බවය. මේ අනුව 2020 වර්ශයට අදාලව ගණන් බැලුවහොත් අවම වශයෙන් එම අරමුදල මගින් රුපියල් කෝටි 7100කට වැඩි මුදලක් ආණ්ඩුවට ලබා ගැනීමට සැලසුම් කර ඇත. එමෙන්ම සේවානියුක්තිකයන්ගේ භාරකාර අරමුදලද මෙම අධිභාරයට යටත්වන අතර තවත් එවැනි වූ අරමුදල් ගණනාවක්ම මේ යටතේ දැඩි කොල්ලකෑමකට ලක්වන බව අනාවරණය වේ.

Exit mobile version