Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

භික්ෂුවකට පිහියෙන් ඇනීමේ සිද්ධියට අරුන්දික සම්බන්ධයි – උඩුවේ ධම්මාලෝක හිමි

පුත්තලම දිස්ත්‍රික්කයේ භික්ෂූන්වහන්සේ නමකට පිහියෙන් ඇනීමේ සිදුවීමකට අරුන්දික ප්‍රනාන්දු හිටපු ඇමතිවරයා සම්බන්ධ බවත්, අපරාධය කළ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම වළැක්වූයේ අරුන්දික ප්‍රනාන්දු රාජ්‍ය ඇමතිවරයා බවත්, උඩුවේ ධම්මාලෝක හිමියෝ (04)වන දින නාරාහේන්පිට අභයාරාමයේ පැවති පුවත්පත් සාකච්ඡාවක් අමතමින් පවසා සිටියේය.

රාගම වෛද්‍ය පීඨයේ සිසුන්ට කළ පහරදීමක් සම්බන්ධයෙන් මේ වනවිට ඇමතිවරයා පුත්‍රයා රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින අතර එම සිදුවීමෙන් පසුව රාජ්‍ය ඇමතිවරයෙකු වන අරුන්දික ප්‍රනාන්දු සිය තනතුරින් ඉල්ලා අස්වන බවද පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වන උඩුවේ ධම්මාලෝක හිමියන්….

“පුතාට වඩා වැරදි කරනවා පියා. විශේෂයෙන් පුත්තලම් දිස්ත්‍රික්කයේ අයුක්තීන් අසාධාරණකම් සිද්ධවන වෙනත් දිස්ත්‍රික්කයක් රටේ නෑ. ඒ වැරදිවල පුරෝගාමියා තමයි අරුන්දික ප්‍රනාන්දු. මම ඉතාම වගකීමෙන් කියනවා ගිය සතියේ පුත්තලම් දිස්ත්‍රිකයේ වැඩ වාසය කරන හිමිනමකට පිහියෙන් ඇන්නා. ඒ අපරාධකරුවෝ අත්අඩංගුවට ගැනීමට ඉඩ දුන්නෙ නැත්තේ මේ අරුන්දික ප්‍රනාන්දු හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා.” යනුවෙන් පැවසීය.

Exit mobile version