Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මිදුලේ තිබූ මෝටාර් උණ්ඩයක කොටසක් පිපිරී සිසුවා රෝහලේ

කොස්ගම සාලාව ප්‍රදේශයේ නිවසක මිදුලේ  තිබු මෝටාර් උණ්ඩයක කොටසක් පුපුරායෑමෙන් 15 හැවිරිදි  පාසල් සිසුවෙක් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි. මෙම උණ්ඩ  තලමින්  සිටියදී  එය පුපුරා ගොස් ඇති බවද පොලිසිය කියයි.

2016 වසරේ සාලාව අවි ගබඩාව පිපිරීමෙන්  තැන තැන විසිර තිබු මෝටර් උණ්ඩයක කොටසක් මෙලෙස පුපුරන්නට ඇතැයි පොලීසිය සැක කරයි.

සිද්ධියෙන් සිසු්වාගේ දෙකකුල්, බඩ ප්‍රදේශයට බරපතල  තුවාල සිදුව ඇති අතර ඔහු  කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

Exit mobile version