Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට

කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ තරග මුදල් වැඩිකිරීමට තීරණයක්

කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ තරග මුදල් වැඩිකිරීමට තීරණයක්

මෙවර එංගලන්තයේ බර්මින්හැම්හි පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් තරග ඉසව්ව සඳහා සුදුසුකම් ලබා ගැනීමට චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා කන්තා කණ්ඩායම (24) සමත් වුණා.

ඒ, එම ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා ගැනීම සඳහා අද පැවති තීරණාත්මක තරගයේදී බංග්ලාදේශ කාන්තා කණ්ඩායම ලකුණු 22කින් පරාජය කරමින්. එම සුදුසුකම් ලැබීමේ තරගාවලිය මැලේසියාවේ පැවති අතර ඒ සඳහා ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, ස්කොට්ලන්තය, මැලෙසියාව සහ කෙන්යාව තරග වැදුනා. ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම තමන් සහභාගී වු තරග 04ම ජයගනිමින් මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගත්තේ අපරාජිතවයි.

මෙවර පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිිකට් ඉසව්ව සඳහා සුදුසුකම් ලැබූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම බී කාණ්ඩයෙන් තරග වැදීමට නියමිතව තිබෙනවා. ප්‍රතිවාදීන් වන්නේ එංගලන්තය, නවසීලන්තය සහ දකුණු අප්‍රිකාවයි. 2022 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ලබන ජුලි මස 28වනදා එංගලන්තයේ බර්මින්හැම්හිදී ආරම්භ වීමට නියමිතයි.

Exit mobile version