Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

එක්සත් ජනපදය යුක්රේනයේ තානාපති කාර්යාල කාර්ය මණ්ඩලයේ පවුල්වලට නියෝගයක්

එක්සත් ජනපදය යුක්රේනයේ තානාපති කාර්යාල කාර්ය මණ්ඩලයේ පවුල්වලට නියෝගයක්

එක්සත් ජනපදය යුක්රේනයේ තානාපති කාර්යාල කාර්ය මණ්ඩලයේ පවුල්වලට නියෝගයක්

එක්සත් ජනපදය යුක්රේනයේ තානාපති කාර්යාල කාර්ය මණ්ඩලයේ පවුල්වලට එයින් පිටව යන ලෙස නියෝග කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එමෙන්ම මේ වනවිට අත්‍යවශ්‍ය නොවන කාර්ය මණ්ඩලයට පිටව යාමට අවසර ලබා දී ඇති අතර පිටත්ව යාම ගැන සලකා බලන ලෙස යුක්රේනයේ සිටින එක්සත් ජනපද පුරවැසියන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටි බව සඳහන්.

රුසියාව යුක්රේනයට එරෙහිව සැලකිය යුතු හමුදාමය ක්‍රියාමාර්ගයක් ගැනීමට සැලසුම් කර ඇති බවට වාර්තා විමත් සමග මෙම තීරණය ගත් බවයි පැවසෙන්නේ

මේ අතර රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමට සැලසුම් කරන බවට කරන ප්‍රකාශ ප්‍රතික්ෂේප කර තිබෙනවා

රාජ්‍ය දෙපාර්තමේන්තු නිලධාරියෙක් AFP ප්‍රවෘත්ති ඒජන්සියට පවසා තිබෙන්නේ තානාපති කාර්යාලය විවෘතව පවතින නමුත් “ඕනෑම වේලාවක” ආක්‍රමණයක් පැමිණිය හැකි බවට ධවල මන්දිරයෙන් නැවත නැවතත් අනතුරු අඟවා ඇති බවයි.

රුසියානු හමුදා 100,000ක් පමණ දේශසීමාවේ රැස්කිරීමෙන් පසු යුරෝපයේ ගැටුම් ඇතිවීමේ අවදානමක් පවතින බව හමුදා ආරක්ෂක සන්ධානයේ ප්‍රධානී නේටෝ අනතුරු අඟවා තිබෙනවා.

Exit mobile version