Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ශර්මිලා රාජපක්ෂ අධ්‍යක්ෂක ධුරයනේ ඉවත් වෙයි

සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ශර්මිලා රාජපක්ෂ එම ධුරයේ කටයුතුවලින් ඉවත් වී තිබේ.

ඇය සඳහන් කරන්නේ දෙහිවල සත්ත්වෝද්‍යානයේ සේවක පිරිසකගේ අත්තනෝමතික, විනාශකාරී වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සහ ඒ හේතුවෙන් අනෙකුත් සේවකයන්ගේ ආරක්ෂාව සහ සත්ත්වෝද්‍යානයේ සත්වයින්ට ඇතිවී තිබෙන බලපෑම සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදුකර අවදානම්කාරී වාතාවරණය ඉවත් කරදෙන තුරු තමා සේවයෙන් ඉවත්වන බවට, ජනාධිපති ලේකම්වරයාට සහ වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිඛිතව දැනුම් දී ඇති බව ඇය සඳහන් කරයි.

එම ලිපිය මගින් ඇය ඉල්ලා ඇත්තේ දින 14ක් ඇතුළත පරීක්ෂණයක් පවත්වා තමා වෙත රාජකාරී කිරීමට හැකි වාතාවරණයක් සාදා දෙන ලෙසය. එසේ නොමැති වුවහොත් තමා සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට කටයුතු කරන බවද එම ලිපියේ ඇය සඳහන් කර තිබේ.

Exit mobile version