Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

උද්‍යාන නැරඹීම සඳහා පැමිණි සංචාරකයින්ගෙන් රු. කෝටියකට ආසන්න ආදායමක් – සංචාරක ඇමැති

උද්‍යාන නැරඹීම සඳහා පැමිණි දේශීය විදේශීය සංචාරකයින්ගෙන් රු. කෝටියකට ආසන්න ආදායමක් - සංචාරක ඇමැති

උද්‍යාන නැරඹීම සඳහා පැමිණි දේශීය විදේශීය සංචාරකයින්ගෙන් රු. කෝටියකට ආසන්න ආදායමක් - සංචාරක ඇමැති

ඉකුත් සති අන්ත දීර්ඝ නිවාඩුවේ දී මෙරට උද්‍යාන නැරඹීම සඳහා පැමිණි දේශීය විදේශීය සංචාරකයින්ගෙන් රුපියල් කෝටියකට ආසන්න ආදායමක් උපයා ඇතැයි සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.

තෛපොංගල්, සති අන්ත සෙනසුරාදා ඉරිදා හා දුරුතු පොහොය දිනය එක ළග ළග දිනවල යෙදී තිබීම නිසා විශාල පිරිසක් විනෝද චාරිකාවලට එක්වීමක් දක්නට ලැබුණු අතර වැඩිම පිරිසක් උද්‍යාන නැරඹීම සඳහා පැමිණ තිබුණේ ඉකුත් 16 වැනිදායි.

එදින දේශීය සංචාරකයින් 23,342ක් හා විදේශීය සංචාරකයින් 425ක් උද්‍යාන නැරඹීම සඳහා පැමිණ ඇති අතර එමගින් රුපියල් 2,859,840ක ආදායමක් උපයා ඇතැයි ඇමතිවරයා පවසනවා.

තෛපොංගල් නිවාඩුව යෙදුනු 14 වැනි සිකුරාදා උද්‍යාන නැරඹීම සඳහා දේශීය සංචාරකයින් 116,17ක් හා විදේශිය සංචාරකයින් 423ක් පැමිණ ඇති අතර එමගින් රුපියල් 1840500 ක ආදායමක් ලැබී තිබෙනවා.

සති අන්ත දීර්ඝ නිවාඩුවේ පමණක් උද්‍යාන නැරඹීමට පැමිණි දේශීය විදේශීය සංචාරකයින් මඟින් රුපියල් 9,331,820ක ආදායමක් ලබා ගෙන ඇතැයිද ඇමතිවරයා සඳහන් කරනවා.

සංචාරක කර්මාන්තයේ මෙම නව පිඹිදීම රටේ ආර්ථිකය නැංවීම සඳහා ලැබුණු අවස්ථාවක් බවට පත්කර ගන්නා ලෙසයි කර්මාන්තයේ නියැලෙන අයගෙන් අමාත්‍යවරයා ඉල්ලා සිටින්නේ.

Exit mobile version