Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රුහුණ විශ්වවිද්‍යාල පරිපාලනයට එරෙහිව මහා ශිෂ්‍ය සංගමයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

රුහුණ විශ්වවිද්‍යාල පරිපාලනයට එරෙහිව මහා ශිෂ්‍ය සංගමයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

රුහුණ විශ්වවිද්‍යාල පරිපාලනයට එරෙහිව මහා ශිෂ්‍ය සංගමයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

රුහුණ විශ්වවිද්‍යාලය තුල මේ වන විට සිදුවෙමින් පවතින දැඩි අනීතික පරිපාලනයට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් අභියාචනාධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

රුහුණ විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති වන ප්‍රසන්න මදුසංක බණ්ඩාර යන අය විසින් උපකුලපතිවරයා ඇතුලු විශ්වවිද්‍යාල පාලක සභාව වගඋත්තර කරුවන් කරමින් මෙම පෙත්සම ගොනුකර තිබුණා. ⁣නොකරන ලද වරදක් හුවා දක්වමින් අසත්‍ය චෝදනා නඟා ගන්නා ලද ක්‍රියාමාර්ග හේතුවෙන් අගතියක් සිදුවූ බව දක්වමිනුයි මෙම පෙත්සම ගොනුකර තිබුණේ.

මේ පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහා ශිෂ්‍ය සංගමය ප්‍රකාශ කර සිටියේ වර්තමාන විශ්වවිද්‍යාල පරිපාලනය විසින් ආයතනය තුල සිසුන්, ආචාර්යවරුන් හා කාර්යමණ්ඩලය යන සියලු අංශ පීඩාවට පත්කරමින් ගෙනයන මර්දනීය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන නිසා එහි වැඩිම තර්ජනය සමස්ත ශිෂ්‍ය ප්‍රජාවටම එල්ල වී ඇති බවයි.

එමෙන්ම ඉදිරියේදී මෙම සියලුම ආකාරයේ අනීතික හා මර්දනීය ක්‍රියාමාර්ග වලට එරෙහිව ගත හැකි සියලු පියවර ගන්නා අතර ඒ සඳහා සිසුන් පමණක් නොව රටේ විවිධ පාර්ශවයන් සමගත් කටයුතු කරන බව මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා වැඩි දුරටත් සඳහන් කර සිටියා.

Exit mobile version