“මම කියන්නේ ලංකාවට කාදි උසාවි අවශ්‍ය නැහැ කියලා. කාදි උසාවිවලින් කාන්තාවන්ට සහ ළමයින්ට යුක්තිය ඉටු වෙන්නේ නැහැ. මම නොදැනුවත්ව මගේ සැමියාට දික්කසාදයක් ලබා දී තිබෙනවා. අපේ රටට අවශ්‍ය වන්නේ එක නීතියක් පමණයි.‘‘එකම රටක්, එක නීතියක්‘‘ මැයෙන් පසුගිය සතියේ බදුල්ලේ පැවති ජනාධිපති ලේකම් කාර්යාලයේ සැසිවාරයේදී පසීනා නැමැත්තියක් මෙලෙස ප්‍රකාශයක් ලබා දුන්නාය.
මෙහිදි ඇය වැඩි දුරටත් පැවසුවේ,
“‘මම පසිනා. මගේ වයස අවුරුදු 30. මම විවාහ වුණේ මුස්ලිම් ආගම අනුව. මම නොදන්නවා වුනාට මගේ සැමියා දික්කසාද වෙලා. මම ‘එකම රටක් එක නීතියක්’ යන මූලධර්මයට අනුබල දෙන අයෙකි.
අද මුස්ලිම් කාන්තාවන්ට සිදුවන අසාධාරණකම් ගැන කතා කරන්න කිසිවෙකුත් නැහැ. මේ අසාධාරණකම් ගැන කාටහරි කිව්වත් ඒ අය ගණන් ගන්නේ නැහැ. මට දුවෙක් ඉන්නවා. ඇයට වයස 8යි. මට දික්කසාදය පිළිගන්න බැහැ.
මගේ සැමියා වෙනත් කාන්තාවක් සමඟ අනියම් ඇසුරක් පවත්වන බවට මම පැමිණිලි කළා. බදුල්ල කාදි විනිසුරුවරයා පැවසුවේ අදාළ කාන්තාව කැඳවා ගැටලුව විසඳන බවයි. ඔහු මටත් කතා කළා. විනිසුරුවයා මගේ සැමියාට එම කාන්තාව විවාහ කර දෙන ලෙස ලිපිය ලබා දුන්නා.
දුවට නඩත්තු දීමනා විදියට මහත්තයාගෙන් මාසෙකට රුපියල් 3000ක් ලබා දුන්නා. විනිසුරු තුමා මගේ බඩු ඔක්කොම මහත්තයාට දුන්නා. මගේ දුවට කිරි කෝප්පයක්වත් බොන්න ඉතුරු කළේ නැහැ. මගේ ප්‍රශ්නයෙන් පස්සේ කාදි උසාවිය බදුල්ලේ තිබුණේ නැහැ. වසා දාලා තිබුනා.
ඊට පස්සේ මම කොළඹ කාදි අභියාචනා මණ්ඩලයට ගියා. කාදි අභියාචනා මණ්ඩලය මාව නුවරඑළියේ කාදි උසාවියට යොමු කළා. එහිදී දුවගේ තැන්පතු මුදල රුපියල් තුන්දහසේ සිට රුපියල් 5000 දක්වා වැඩි කළා. මම මටත් වන්දි ඉල්ලුවා. එම අලාභය වෙනුවෙන් රුපියල් 50,000ක වන්දි මුදලක් ලබාදෙන බව විනිසුරුතුමා ප්‍රකාශ කලා. ඒක එතනින් ඉවරයි යැයි ඔහු පැවසුවා. එතකොට මගේ වටිනාකම රුපියල් 50000ක්ද? යැයි කාදි විනිසුරුවරයාගෙන් ඇසුවා. මට ඒ සල්ලි වලින් එළ හරකෙක් වත් අරං ජීවත් වෙන්න අමාරුයි කියලත් කිව්වා.
අවශ්‍ය නම් 50000ක වන්දිය ලබා ගන්න. ඒකට කැමති නැත්තම් මොකුත්ම නැතිවෙයි. මුස්ලිම් නීතිය යටතේ ස්වාමිපුරුෂයෙකුට වෙනත් කාන්තාවක් සමඟ විවාහ වෙන්න පුලුවන් බව මට දන්වා සිටියා.
මගේ සැමියා වෙනත් කාන්තාවක් සමඟ අනියම් ඇසුරක් පවත්වන බව මම ඒ වන විටත් විනිසුරුවරයාට පවසා තිබුණා. මෙම කාන්තාව මීට පෙරද තම සැමියා සමඟ සම්බන්ධකම් පවත්වා තිබුනා මේ වන විට ඇය එසේ නොකරන බවට ප්‍රකාශ කර තිබුනා. මම මේ විස්තර විනිසුරුට කිව්වා. නමුත් විනිසුරුවරයා මගේ සැමියාව එම කාන්තාව හා විවාහ කර දෙන්න කටයුතු කළා.
ඊට පස්සේ කොළඹින් ආපු පිරිසක් මාව හම්බ වුණා. බබාට මාසෙකට කීයක් ව්යදම් යනවද කියල ඇහුවා. මම කිව්වා මාසෙකට රුපියල් පහලොස්දාහක් විතර යනවා කියලා. දැන් අවුරුද්දක් තිස්සේ ඉදන් මගේ දරුවාට නඩත්තු ලබා දුන්නේ නැහැ. මෙයින් පසු තමයි මම මාධ්‍යන් වෙත අදහස් දැක්වුවේ.
විනිසුරුතුමා මගේ ගෙදර බඩු බාහිරාදිය සියල්ල මගේ සැමියාට දුන්නා. හැඳුනුම්පතවත් නැතිව මම ආපහු ආවා.
මගේ සැමියාගේ නිවස ඉදිරිපිට ඇත්තේ ඔහු විවාහ වී සිටින කාන්තාවගේ නිවසයි. බදුල්ල කාදි විනිසුරුතුමා මට කිව්වා එතනට ගිහින් මහත්තයා එක්ක ජීවත් වෙන්න කියලා. මම කිව්වා මට බෑ කියලා.
මම යුක්තිය ඉල්ලා සිටි විට ඔහු මට දික්කසාද සහතිකයක් ලබා දුන්නේය. මම ඒ සම්බන්ධයෙන් සියලුම පාර්ශ්වවලට පැමිණිලි කළා. නමුත් මට තවම සාධාරණය ඉටුවෙලා නැහැ.
මම විනිශ්චය සභාවට අපහාස කළා කියලා විනිසුරුතුමා පොලිසියට පැමිණිලි කරා. ( ඇය අපහාස නොකළ බවත්, සිදුවූ අසාධාරණය වෙනුවෙන් සටන් කරන බවත් පොලිසිය විනිසුරුතුමාට ප්‍රකාශ කළේය ) නඩු විභාගය මම වීඩියෝ කළා කියලා චෝදනා කළා. දුවගේ නඩත්තු දීමනාව වැඩි කරන ලෙස මම බදුල්ල කාදි විනිසුරුවයාගෙන් කිහිප වතාවක්ම ඉල්ලා සිටියා. ඔහු වැඩි නොකළ නිසා මම වීඩියෝව පටිගත කර මාධ්‍යට ඉදිරිපත් කළා.
මගේ හිටපු මහත්තයා අවුරුද්දකට මගේ දරුවාට සතයක්වත් දුන්නේ නැහැ. කාන්තා හා ළමා ආරක්ෂක අංශයට ගොස් අභියාචනා කිරීමට ලිපියක් ඉල්ලුවා මහේස්ත්‍රාත්වරයා එය දුන්නේ නැහැ.
මම කියන්නේ ලංකාවට කාදි අධිකරණ පද්ධතියක් අවශ්‍ය නැහැ. කාන්තාවන්ට සහ දරුවන්ට කාදි අධිකරණයෙන් යුක්තිය ඉටු වන්නේ නැහැ. පීඩාවට පත් වූ කාන්තාවන් බොහෝ ය. ඔවුන් ස්වේච්ඡාවෙන් කතා කිරීමට බිය වෙති.
කාදි උසාවියේ විනිසුරු විශ්‍රාමික විදුහල්පති වරයෙකි. ඔවුන්ගේ අත්දැකීම් අඩුයි. ඒ අය තමයි පවුල් ජීවිත විනාශ කරන්නේ.
මම දැන් ඉන්නේ මගේ තාත්තා ළඟ. මම දික්කසාද ලේඛනයට අත්සන් කළේ නැහැ. මගේ මහත්තයා දික්කසාද වෙලා ඉන්නේ මම එයාව සැක කරනවා කියලා. ඔහු ගැහැනියක් සමඟ සම්බන්ධයක් පැවැත්වූ නිසා මට සැකයක් ඇති වුනා.
ඔහුගේ සම්බන්ධය ගැන මා පොලිසියට පැමිණිලි කළ විට ඔහු පැවසුවේ දෙමව්පියන්ගේ කැමැත්තට අනුව මාව විවාහ කරගත් බවත් දැනට ඔහුට අවශ්‍ය කාන්තාව සමඟ විවාහ වී සිටින බවත්ය. කාදි උසාවියේදීත් එහෙම කිව්වා.
මෙයාලා ගෑනුන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරනවා. මගේ මහත්තයා මගෙන් දික්කසාද වුණා කිව්වා. දික්කසාදය කිව්වේ මොකක්ද කියලා මම දන්නේ නැහැ. මගේ පියා මුස්ලිම්, මව සිංහල. මව දැනට ජීවතුන් අතර නැහැ.
මම මාධ්‍යයට අදහස් ප්‍රකාශ කළාට පස්සේ බොහෝ දෙනෙක් මා ළඟට ඇවිත් පැමිණිලි කළා. මම ජාතිවාදය ඇති කරන්න හදනවා කියලා සිංහල අයගෙන් සල්ලි අරගෙන තමයි මේක කරන්නේ කියලා.
බදුල්ල කාදිවිනිසුරු වරයා මුදල් ලබාගෙන සැමියා වෙනුවෙන් කටයුතු කළා. මගේ ප්‍රශ්නය නිසා බදුල්ල කාදි උසාවිය වහලා. දැන් බදුල්ලේදි කාදි උසාවියක් නැහැ. බදුල්ල නඩු විභාග කළේ නුවරඑළියේ. එය එතැනින් බලංගොඩට ගෙන ගියා.
මම කාදි උසාවියට අවුරුද්දක් තිස්සේ ගියේ නැහැ. ඔවුන් මට යන්න දෙන්නේ මගේ අත්බෑගය පරීක්ෂා කිරීමෙන් පසුවයි. නමුත් අනෙක් අය එසේ පරීක්ෂණයට ලක් නොවේ. මගේ දරුවාට ලැබිය යුතු සාධාරණය ඉටු වුණේ නැහැ. මගේ සැමියා සමඟ නැවත ජීවත් වන්න මට නැවත අභියාචනා කරන්න පුළුවන් කියලා කාදි අභියාචනා මණ්ඩලය පැවසුවා.
ඒත් එයා වෙන ගෑනියෙක් එක්ක ඉද්දි මම කොහොමද ජීවත් වෙන්නේ? එයා මට ඇත්ත වෙයිද? මගේ පුතාට එයාගේ දේපළවලින් භාගයක් දෙන්න කියලා මමත් කිව්වා. කාදි අභියාචනාධිකරණය දුන්න ලිපිය කාදි උසාවිය බලන්නෙත් නැහැ.
පිරිමින්ට කාන්තාවන් 4 දෙනෙකු දක්වා විවාහ විය හැක. හතර දෙනාටම එක හා සමානව සලකනවා කියලා. නමුත් ප්‍රායෝගිකව මෙය එසේ නොවේ. ඔවුන් කරන්නේ ඔවුන්ට හරි යැයි සිතෙන දේය.
කාදි විනිසුරුවරුන්ගේ සංගමයේ පැහැදිලි කිරීම
බදුල්ලේ පසිනා පසුගිය සතියේ බදුල්ලේ පැවති එක රටක් එක නීතිය ක්‍රියාකාරී සැසියේදී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විඩිවෙල්ලි කාදි විනිසුරුවරුන්ගේ සංගමයේ නියෝජ්‍ය නායක සහ බදුල්ල කාදි උසාවියේ වැඩ බලන විනිසුරු එම්.ඉෆාම් යාහ්යා මේ සම්බන්ධයෙන් පැහැදිලි කලේය.
මේ සම්බන්ධ කාන්තාව ඒ.ජේ.පසීනාය. ඇයගේ හිටපු සැමියා එම්.සමිම් එම්.ජනීර්. ඔවුන්ගේ විවාහය 2013.05.19 දින ලියාපදිංචි කර ඇත. මහර් වශයෙන් රුපියල් දසදහසක් දී ඇත. දෑවැද්දක් ලබා දුන්නේ නැහැ. මෙම කාන්තාව මාධ්‍ය වෙත පවසා තිබුණේ තමන් විවාහ වූයේ වයස අවුරුදු 10 දී බවයි. නමුත් විවාහ සහතිකයට අනුව ඇය විවාහ වී ඇත්තේ වයස අවුරුදු 22 දීය.
පසිනාගෙන් දික්කසාද වීමට ඇයගේ සැමියා විසින් 2018 වසරේ බදුල්ල කාදි උසාවියේ නඩුවක් පවරා ඇත. පසිනා මුල් නඩු විභාගවලට සහභාගි වී ඇත. පසු නඩු විභාග සඳහා පෙනී නොසිටින්නේ නම් නොතීසියක් යැවීමට සහ තීන්දුවක් දීමට කාදි විනිසුරුවරයා බලය ඇත. දික්කසාද සහතිකයට බිරිඳගේ අත්සන අවශ්‍ය නොවේ.
පසිනා කාදි අභියාචනාධිකරණයට ගොස් අභියාචනා කළ බවට ලබාදී ඇති ප්‍රකාශය වැරදිය. ඇය අධිකරණ සේවා කොමිෂන් සභාවට අභියාචනයක් ඉදිරිපත් කර ඇත. ඉන් අනතුරුව විශේෂ කාදි විනිසුරුවරයා ලෙස නුවරඑළිය කාදි විනිසුරුවරයා පත් කර තිබේ.
ළමා නඩත්තු නඩුව 2018 දී බදුල්ල කාදි උසාවියේ CM336 අංකය යටතේ ගොනු කර ඇත. පසුව නඩුව නුවරඑළිය කාදි උසාවියට මාරු කෙරුණා.
ළමා නඩත්තු නඩුව බදුල්ල කාදි උසාවියෙන් නුවරඑළිය කාදි උසාවියට මාරුකර තිබියදී කාදි විනිසුරුවරුන්ගේ සංගමයේ පිරිසක් නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණියා. මම ඒ කණ්ඩායමේ කෙනෙක්. සංචාරය 2020 සැප්තැම්බර් මාසයේදී සිදු විය.
එදා පසිනා, එයාගේ හිටපු සැමියා සහ පසිනාගේ තාත්තා පැමිණ සිටියා. මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය පිළිබඳව ඔවුන් දැනුවත් කරන ලදී. ඔවුන්ගේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ද සොයා බලන ලදී. ළමා නඩත්තු හිඟ මුදල රුපියල් 60,000ක් නුවරඑළිය කාදි උසාවිය මගින් අයකර ලබා දෙන ලදි.
පැසිනාගේ හිටපු සැමියා තම දරුවාට අවශ්‍ය පහසුකම් ලබා නොදෙන්නේ නම් නුවරඑළිය කාදි උසාවියට ගොස් නඩු පැවරිය හැකිය.
මුස්ලිම් විවාහ හා දික්කසාද නීතිය නොදැන සිටීමත්, කිහිප දෙනෙකු විසින් පසිනාව අවභාවිත කිරීමත් මෙවැනි ප්‍රකාශනයන් කිරීමට හේතු වේ.
මම දැනට බදුල්ල කාදි උසාවියේ වැඩබලන කාදි විනිසුරුවරයා ලෙස කටයුතු කරනවා. අදාළ කාන්තාවට මා හමුවී විසඳුම් ලබා ගත හැකිය. වැරදි මඟපෙන්වීම් නිසා උසාවියේ ව්‍යුහය ගැන විවේචනය කිරීම වැරදියි.
බදුල්ල කාදි උසාවිය වසා දමා ඇති බවට පාසිනාගේ ප්‍රකාශය වැරදියි. බදුල්ල උසාවිය වහලා නැහැ. රත්නපුර විනිසුරුවරයෙකු වන මම දැනට බදුල්ලේ කාදි විනිසුරු ලෙසත් කටයුතු කරනවා.
එම කාන්තාවකගේ ළමා නඩත්තු සම්බන්දයෙන් ගැටලු ඇතොත් නුවරඑළිය කාදි උසාවිය හා සම්බන්ධ විය හැකිය.-
-විදිවේලි-.