Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කොවිඩ් නිසා මානසික රෝගීන් වැඩිවෙලා – වෛද්‍ය සජීවන අමරසිංහ

covid වසංගතයේ අතුරු ප්‍රතිඵලයක් ලෙස විශාදය (Depression), කාන්සාව (Anxiety) වැනි රෝගී තත්වයන්ට ගොදුරු වු පිරිසගේ විශාල වැඩි වීමක් දක්නට ලැබුන බවත් මානසික රෝගි තත්වය උග්‍ර අතට හැරෙන තුරුම බොහොමයක් දෙනා එය නොදන්නා බවත් ජාතික මානසික සෞඛ්‍ය ආයතනය විශේෂඥ මනෝ වෛද්‍ය සජීවන අමරසිංහ මහතා පැවසීය.

පසුගිය 2021 වර්ෂයේජාතික මානසික සෞඛ්‍ය ආයතනයේ මානසික සෞඛ්‍ය උපකාරක සේවා හදිසි ඇමතුම් අංශයට ඇමතුම් 26889 ලැබී ඇති අතර ඒ පිළබඳව කළ විමසීමේ දී වෛද්‍යවරයා මෙසේ පැවසීය.

2020 වර්ෂයේද එම උපකාරක අංශයට ඇමතුම් 28508 ලැබී ඇති අතර එදිනෙදා පුරුදු ජීවන රටාව වෙනස්වී මෙම තත්වය දැඩිව බලපෑ බවත්, හදිසි ඇමතුම් අංශයට ගලා ඇතැම් ඇමතුම් අතර දු දරුවන් ජංගම දුරකතන වලට ඇබ්බැහිවීම ද දක්නට ලැබුණ බව වෛද්‍යවරයා පැවසීය.

Exit mobile version