Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රක්ෂිතයේ පවත්වාගෙන ගිය ගංජා හේනක් වටලයි – ටොන් 6ක ගංජා අත්අඩංගුවට

අම්පාර කුමන රක්ෂිතයේ පවත්වාගෙන ගිය නීතිවිරෝධී ගංජා හේනක් වැටලීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව හා පොලිස්වි ශේෂ කාර්ය බළකාය එක්ව කටයුතු කර තිබේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදා බුද්ධි ආවේශන පද්ධතිය මගින් මෙම නීතිවිරෝධී ගංජා වගාව පිළිබඳව තොරතුරු තහවුරු කර,
ඉන් අනතුරුව පොලිස්විශේෂ කාර්ය බළකාය හා එක්ව පෙරේදා දිනයේ දී හා ඊයේ දිනයේ දී මෙම මෙහෙයුම සිදුකර තිබේ.

මෙම මෙහෙයුමේ දී අත්අඩංගුවට ගත් ගංජා කිලෝ ග්‍රෑම් 5788 ක් සහ ස්‍රෙව්ලි පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුර වෙත එම්.අයි. 17 වර්ගයේ භාණ්ඩ ප්‍රවාහන හෙලිකොප්ටරයක් යොදාගෙන අවස්ථා හයක දී ප්‍රවාහනය කර තිබේ.

Exit mobile version