Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සිනමාවට වසර 75ක් සහ ජාතික චිත්‍රපට සංස්ථාවට වසර 50ක් සපිරීම නිමිත්තෙන් චිත්‍රපට 7ක් නොමිලේ

සිනමාවට වසර 75ක් සහ ජාතික චිත්‍රපට සංස්ථාවට වසර 50ක් සපිරීම නිමිත්තෙන් චිත්‍රපට 7ක් නොමිලේ

සිනමාවට වසර 75ක් සහ ජාතික චිත්‍රපට සංස්ථාවට වසර 50ක් සපිරීම නිමිත්තෙන් චිත්‍රපට 7ක් නොමිලේ

ලාංකේය කථානාද සිනමාවට වසර 75ක් සහ ජාතික චිත්‍රපට සංස්ථාවට වසර 50ක් සපිරීම නිමිත්තෙන් මෙරට සිනමා ගමන් මගෙහි සන්ධිස්ථාන බවට පත්වූ චිත්‍රපට 7ක් ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී මෙම මස 10 වැනිදා සිට 16. වැනිදා දක්වා දිනපතා සවස 5.00ට නොමිලයේ ප්‍රදර්ශනය කිරීමට කටයුතු යොදා ඇතැයි ජාතික චිත්‍රපට සංස්ථාවේ සාමාන්‍යාධිකාරී රවි ප්‍රසාද් කළුපහන මහතා පැවසීය.

මෙම සැමරුම් ජනවාරි 21 වැනිදාට යෙදී ඇති බව ද ඔහු සඳහන් කළේය.මෙම සැමරුම් උළෙලට සමගාමීව පවත්වන චිත්‍රපට ප්‍රදර්ශන සතිය යටතේ ලබන 10 වැනිදා ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා අධ්‍යක්‍ෂණය කළ ‘ගොළු හදවත’, 11 වැනිදා ආචාර්ය තිස්ස අබේසේකර මහතා අධ්‍යක්ෂණය කළ ‘විරාගය’, 12 වැනිදා වසන්ත ඔබේසේස්කර මහතා අධ්‍යක්‍ෂණය කළ ‘වල්මත්වූවෝ”, 13 වැනිදා එච්.ඩී. ප්‍රේමරත්න මහතා අධ්‍යක්‍ෂණය කළ ‘සිකුරුලියා’, 14 වැනිදා ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මිය අධ්‍යක්ෂණය කළ “ගැහැණු ළමයි’, 15 වැනිදා ධර්මසිරි බණ්ඩාරනායක මහතා අධ්‍යක්‍ෂණය කළ ‘සුද්දිලාගේ කතාව’ සහ 16 වැනිදා ආචාර්ය ධර්මසේන පතිරාජ මහතා අධ්‍යක්ෂණය කළ ‘බඹරු ඇවිත්” යන චිත්‍රපට ප්‍රදර්ශනය කිරීමට නියමිතය.

Exit mobile version