Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පාස්කු චෝදනාවලින් නිදහස් කරන්න අධිකරණයට මෛත්‍රී කළ ඉල්ලීම ප්‍රතික්ෂේප වේ

ජාතික සභාව පත් කළ යුතුව තිබුණේ අගමැතිවරයා හා ඇමති මණ්ඩලය පත්කිරීමට පෙරයි; ශ්‍රීලනිපය ජාතික සභාවට නෑ

ජාතික සභාව පත් කළ යුතුව තිබුණේ අගමැතිවරයා හා ඇමති මණ්ඩලය පත්කිරීමට පෙරයි; ශ්‍රීලනිපය ජාතික සභාවට නෑ

පාස්කු චෝදනාවලින් නිදහස් කරන ලෙස හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ඉල්ලීම කොළඹ දිසා අධිකරණය (07) ප්‍රතික්ෂේප කළා.

මෙම ප්‍රහාරයෙන් මිය ගිය, ආබාධ වූ සහ තුවාල ලැබූවන් වෙනුවෙන් වන්දි ඉල්ලා ගොනු කළ නඩු විභාගයට නොගෙන නිශ්ප්‍රභ කර චෝදනාවලින් ද නිදහස් කරන ලෙසයි ඔහු ඉල්ලා තිබුණේ.

මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා පැවසුවේ මෙම නඩු සියල්ල නඩු නිමිත්තක් නොමැතිව පවරා ඇති බවයි. මෙම නඩු ගොනුකළ අවස්ථාවේ සිරිසේන මහතා ජනාධිපතිවරයා ලෙස කටයුතු නොකළ බවද ඔහු පැවසුවා. පාස්කු ප්‍රහාරය ගැන නඩු පවරන්නේ නම්, මෙරට එල්ල වූ සිය ගණනක් වූ ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් මීට පෙර බලයේ සිටි ජනාධිපතිවරුන්ටද නඩු පැවරිය යුතු බව ෆයිසර් මුස්තාපා මහතා අවධාරණය කළා.

එහිදි පාස්කු ප්‍රහාරයෙන් අගතියට පත්වූවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ශමිල් පෙරේරා මහතා කියා සිටියේ මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් කරන ඉල්ලීම සිවිල් නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදනවලට පටහැනි බවයි. පාස්කු ප්‍රහාරය පිළිබද කලින්ම තොරතුරු ලැබී තිබූ බවට සාධාරණ හෙළිදරවු වීමක් සිදුවූ බැවින් සිරිසේන මහතාගේ මූලික විරෝධතාව ප්‍රතික්ෂේප කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා තිබුණා.

මෙම සිද්ධියට අදාළව කොළඹ දිසා අධිකරණය හමුවේ නඩු 128ක් ගොනු කර තිබෙනවා.

Exit mobile version