Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

7වන වරටත් ආසියානු යොවුන් ක්‍රිකට් ශූරතාව ඉන්දියාවට අනුශූරතාවය ශ්‍රී ලංකා කණ්ඩායමට

7වන වරටත් ආසියානු යොවුන් ක්‍රිකට් ශූරතාව ඉන්දියාවට අනුශූරතාවය ශ්‍රී ලංකා කණ්ඩායමට

7වන වරටත් ආසියානු යොවුන් ක්‍රිකට් ශූරතාව ඉන්දියාවට අනුශූරතාවය ශ්‍රී ලංකා කණ්ඩායමට

7වන වරටත් ආසියානු යොවුන් ක්‍රිකට් ශූරතාව දිනා ගැනීමට ඉන්දියාව සමත් වුණා. ඒ, ඩුබායි ක්‍රීඩාංගණයේ පැවති අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම කඩුළු 9 කින් පරාජය කරමින්. මෙතෙක් ආසියානු යොවුන් ක්‍රිකට් ශූරතාවක් දිනා නොමැති ශ්‍රී ලංකා කණ්ඩායමට මෙවරද අනුශූරතාවයෙන් සෑහීමකට පත්වීමට සිදුවුණා.

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම මේ වනවිට අවස්ථා 5කදී ආසියානු යොවුන් ක්‍රිකට් අනුශූරයින් බවට පත්ව තිබෙනවා. ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අද පැවති අවසන් මහා තරගයේදී කඩුළු 9ක් දැවී ලකුණු 106ක් ලබා සිටියදී වර්ෂාවෙන් බාධා එල්ල වුණා.

ඒ අනුව ඉන්දීය කණ්ඩායමට ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව පන්දුවාර 32කදී හිමි වූ ජයග්‍රාහී ඉලක්කය ලකුණු 102ක්. ඔවුන් පන්දුවාර 21යි පන්දු 3ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී එම ඉලක්කය පසුකර යමින් අඛණ්ඩව තෙවන වරටත් ආසියානු යොවුන් ක්‍රිකට් ශූරතාව තමන් සතු කර ගත්තා.

Exit mobile version