Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

තෙරේසා මව්තුමිය විසින් ආරම්භ කරනු පුණ්‍යායතනයට ඉන්දීය රජයෙන් තහනමක්

තෙරේසා මව්තුමිය විසින් ආරම්භ කරනු පුණ්‍යායතනයට ඉන්දීය රජයෙන් තහනමක්

තෙරේසා මව්තුමිය විසින් ආරම්භ කරනු පුණ්‍යායතනයට ඉන්දීය රජයෙන් තහනමක්

තෙරේසා මව්තුමිය විසින් ආරම්භ කරනු ලැබූ අන්ත දුගී ඉන්දියානුවන් සඳහා ආධාර ලබා දෙන ‘මිෂනරීස් ඔෆ් චැරිටි’ සංවිධානය සඳහා වන විදේශ අරමුදල් සැපයීමේ බලපත්‍රය අලුත් කිරීම ඉන්දීය රජය ප්‍රතික්ෂේප කර තිබේ.

නිවාස, පාසල්, සායන මෙන්ම අනාත දරුවන් සඳහා ද විදේශ ආධාර ලබා දෙන මෙම සංවිධානය සඳහා වන ලියාපදිංචිය දීර්ඝ නොකරන බවට පසුගිය නත්තල් දිනයේදී ඉන්දීය නිවාස අමාත්‍යවරයා නිවේදනය කර ඇත.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ, ඉන්දියානුවන් ක්‍රිස්තියානි ආගමට හැරවීම සඳහා එම සංවිධානයේ වැඩසටහන් භාවිත කරන බවට හින්දු මතධාරීන් බොහෝ කලක සිට චෝදනා කර ඇති බවය.

කෙසේ වෙතත්, එම චෝදනා ‘මිෂනරීස් ඔෆ් චැරිටි’ පදනම මගින් ප්‍රතික්ෂේප කර ඇත.

විදෙස් මාධ්‍යය සඳහන් කළේ, එම සංවිධානය ලද ආධාර තැන්පත් කර ඇති ගිණුම් අක්‍රීය කිරීමටද ඉන්දීය රජය කටයුතු කර ඇති බවය.

මැසිඩෝනියාවේ සිට ඉන්දියාවට සංක්‍රමණය වූ තෙරේසා මව්තුමිය විසින් පිහිට වූ ‘මිෂනරීස් ඔෆ් චැරිටි’ සංවිධානය කල්කටාව මූලිකව ආරම්භ වී ඇත්තේ, 1950 වර්ෂයේදීය. එම සංවිධානය ලොව වඩාත් පිළිගැනීමට ලක් වූ කතෝලික පුණ්‍යායතනයක් ලෙස ප්‍රචලිතය.

ඒ හරහා සුවිශාල මානුෂීය සේවයක් ඉටු කළ තෙරේසා මව්තුමියට 1979 වර්ෂයේ දී නොබෙල් සාම ත්‍යාගයද හිමි විය.

2016 වර්ෂයේදී ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් තෙරේසා මව්තුමිය ශාන්තුවරියක ලෙස නම් කරනු ලැබූ අතර ඒ ඇය ජීවිතක්ෂයට පත්ව වසර 19කට පසුව ය.

Exit mobile version