Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අවුරුදු 12 වැඩි සියලුම දරුවන්ට කොවිඩ් එන්නත දෙන ලෙස විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයෙන් ඉල්ලීමක්

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයෙන් සහතිකයක්

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයෙන් සහතිකයක්

වයස අවුරුදු 12 වැඩි සියලුම දරුවන්ට කොවිඩ් මර්දන එන්නත ලබා දෙන ලෙස විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කර ඇත.

කොවිඩ් මර්දන එන්නත දැනට ලබා දෙන්නේ වයස 12ට වැඩි විවිධ සංකූලතාවලින් පෙළෙන දරුවන්ට සහ වයස අවුරුදු 15ට වැඩි දරුවන්ට පමණි.

ලබන වසර ආරම්භ වීමට පෙර වයස 12ට වැඩි සියලුම දරුවන්ටද කොවිඩ් මර්දන එන්නත ලබා දෙන්නේ නම් එය ඉතා වැදගත් බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ලංකාදීපයට පැවැසීය.

වයස අවුරුදු 12 ට වැඩි දරුවන්ට කොවිඩ් මර්දන එන්නත ලබාදීමට රජය මෙතෙක් තීරණයක් ගෙන නැතැයිද ඔහු සඳහන් කළේය.

මේ අතර සියළු විශ්ව විද්‍යාල ළඟදීම ආරම්භ වන හෙයින් විශ්වවිද්‍යාල සිසුන් බූස්ටර් එන්නත කඩිනමින් ලබා ගැනීම වැදගත් බවත් විශ්වවිද්‍යාල හරහා කොවිඩ් පැතිරීමට ඇති ඉඩකඩ එමගින් වළක්වාලිය හැකි බවත් දීපාල් පෙරේරා මහතා පැවැසීය.

එමෙන්ම දරුවන් විනෝද සවාරි සඳහා යොදා ගැනීමෙන් වළකින්නැයි විශේෂඥ වෛද්‍යවරයා සියලු මවුපියන්ගෙන් ඉල්ලීමක් කරයි.

දරුවන් අතරේ කොවිඩ් පැතිරීම වැඩි වුවහොත් පාසල් පද්ධතිය පවත්වාගෙන යෑමේ ගැටලු මතුවිය හැකි බවද ඔහු පෙන්වා දුන්නේය.

Exit mobile version