Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඉන්දියාවේ ගමක බලු – වඳුරු යුද්ධයක් වඳුරන් විසින් බල්ලන් 250 මරාදමයි

 

ඉන්දියාවේ මහරාෂ්ට්‍ර ප්‍රාන්තයේ මාජල්ගාඕ නම් කුඩා ගම්මානයට කඩා වැදුණු මිනීමරු වඳුරු රැළක් බල්ලන් 250ක් මරා දමා ඇතැයි එරට මාධ්‍ය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි..

බල්ලන් කිප දෙනකු විසින් කුඩා වඳුරු පැටවකු මරා දැමීම නිසා මෙම බලු – වඳුරු යුද්දය ආරම්භ වී ඇතැයි ගම්වාසීහු විශ්වාස කරන බව News 18 වෙබ් අඩවිය සදහන් කලේය.

මෙම කුරිරු පලිගැනීමේදී වඳුරන් විසින් පසුගිය මස පුරා 250 කට වැඩි බලු පැටවුන් මරා දමා තිබෙන අතර මේ වන විට ගම්වැසියන් ඉලක්ක කර මින් සිටින බව ද එම වාර්තා පැවසිය.

වඳුරන් බල්ලකු ළඟට එන බව දුටු විට උන් අල්ලා ගෙන ගොස් උස් ගොඩනැගිලි සහ ගස් මුදුන්වල සිට පහතට විසි කර මරාදමන බවත් සිද්ධිය වාර්තා වූ මාජල්ගාඕ ගම්මානයේ අසල්වැසි ගම්මානයක් වන ලාවුල්හි මෙම වඳුරු බලු යුද්ධය දරුණු ලෙස ව්‍යාප්තවී ඇතැයි ද එහි වඳුරන් විසින් බල්ලන් සම්පූර්ණයෙන්ම තුරන් කිරීමේ උත්සහයක නිරත වෙමින් සිටින බව එම වාර්තා සඳහන් කරයි.

ගමේ සිටි සුනඛයන් මරා දැමීමට පටන් ගැනීම හේතුවෙන් වඳුරන් අල්ලා ගැනීම සදහා ගම්වාසීන් වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ පිහිට පැතුවත් ඔවුන්ටද එකඳු වඳුරකුවත් අල්ලා ගැනීමට හැකියාවක් ලැබී නැති බව එම වාර්තා සදහන් කලේය

විදෙස් මාධ්‍ය වාර්තා කළේ බල්ලන් තුරන් කිරීමෙන් අනතුරුව වඳුරන් ගම් වැසියන්ද ලුහු බැදීමට පටන් ගෙන ඇති අතර සමහරුන්ට වඳුරු ප්‍රහාර පවා එල්ල වී ඇති බව වාර්තා වන බවත් එහි සදහන්ය

වඳුරන් මේ වන විට කුඩා දරුවන් ඉලක්ක කර ගනිමින් ලාවුල් ප්‍රදේශයේ භීතිය ඇති කරමින් සිටින බව News 18 වාර්තා සදහන් කලේය

අධ්‍යයනයන් පෙන්වා දී ඇති ආකාරයට වදුරන්ට පළිගැනීමේ චේතනාවෙන් ක්‍රියා කල හැකි බව සනී බෆලෝ විශ්ව විද්‍යාලයේ සහකාර මහාචාර්යවරියක වන ස්ටෙෆනි මහත්මිය උපුටා දක්වමින් එහි සදහන්ය

“සාමාන්‍යයෙන්, සැබෑ ආක්‍රමණිකයාට ප්‍රතිවිරුද්ධව, මුල් ආක්‍රමණිකයා හා සම්බන්ධ තෙවන පාර්ශවයකට පහර දීම සඳහා වඳුරන්ට හැකියාවක් ඇති බවද පර්යේෂණ වාර්තාවක් උපුටා දක්වමින් එහි සදහන්ය

වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට එක් වඳුරෙකු වත් අල්ලා ගැනීමට නොහැකි වූ නිසා ගම්වාසීහු තනිවම බල්ලන් බේරා ගැනීමට උත්සාහ කර ඇති බවත් බේරාගැනීමේ මෙහෙයුමට සම්බන්ධ වූ ගම්වාසීන් සමහරක් වඳුරන්ගේ ප්‍රතිප්‍රහාරවලට ගොදුරු වී ඇති අතර ඇතැමුන් තුවාල ලබා හෝ ගොඩනැගිලිවලින් වැටී ඇති බවත් එම වාර්තා සදහන් කලේය.
-GT

Exit mobile version