Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

භූතානයේ ඉහළම සිවිල් සම්මානය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට

භූතානයේ ඉහළම සිවිල් සම්මානය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට

භූතානයේ ඉහළම සිවිල් සම්මානය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට

භූතානයේ ඉහළම සිවිල් සම්මානය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට පුද කිරීමට භූතාන රජය තීරණය කර තිබේ.
ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි,’න්ගඩාග් පෙල් ජී කොර්ලෝ’ නමැති එම සිවිල් සම්මානයෙන් පිදුම් ලබන බව ප්‍රකාශයට පත් කෙරුණේ එරට ජාතික දිනය සැමරුමට සමගාමීවය.

භූතාන අග්‍රාමාත්‍ය ලොටේ ෂෙරිංග්, සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ පවසා ඇත්තේ, ‘න්ගඩාග් පෙල් ජී කොර්ලෝ’ සම්මානය ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදිට පිරිනැමීමට භූතාන රජු තීරණය කළ බවත්, එය ඉන්දු භූතාන මිතුදම් තවත් ශක්තිමත් කිරීමට හේතුවක් වනු ඇති බවත්ය.

‘කොවිඩ් 19’ වසංගතය ආරම්භයේ දී භූතාන වැසියන් වයිරසයෙන් පීඩාවට පත් වෙද්දී, ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි මැදිහත් වී, ඉන්දියාවේ නිපදවන ප්‍රතිශක්තිකරණ එන්නත් කඩිනමින් භූතානයට ප්‍රදානය කළේය.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ එම ක්‍රියාව සම්බන්ධයෙන් භූතාන රජුත්, භූතාන වැසියනුත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට කෘතඥ වන බව ද සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ අග්‍රාමාත්‍ය ලොටේ ෂෙරිංග් පවසා තිබේ.

‘මෙම ගෞරව සම්මානය, ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි ට ලැබිය යුතු සම්මානයක්. ඔහු භූතානයේ හොඳ මිතුරෙක්. හොඳ හදවතක් ඇති මිනිසෙක්. මෝදි හමුවී ඔහුට සම්මානය පිරිනැමීමටත් ඔහුට සුබ පැතීමටත් මා බලාපොරොත්තුවෙන් සිටිනවා’ යැයි ද භූතාන අග්‍රාමාත්‍ය ලොටේ ෂෙරිංග් ෆේස්බුක් ගිණුමේ වැඩි දුරටත් සඳහන් වෙයි.

Exit mobile version