Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ගෑස් පිපිරීම්වලට හේතුව ජනපති කමිටු වාර්තාවේ හෙළි කරයි

ගෑස් පිපිරීම්වලට හේතුව ජනපති කමිටු වාර්තාවේ හෙළි කරයි

ගෑස් පිපිරීම්වලට හේතුව ජනපති කමිටු වාර්තාවේ හෙළි කරයි

ගෑස් ආශ්‍රිතව සිදු වූ අනතුරුවලට මූලික හේතුව ගෑස් සංයුතියේ වෙනස් වීමක් බව එම සිදුවීම් ගැන සොයා බැලීමට පත් කළ කමිටුවේ සභාපති මහාචාර්ය ශාන්ත වල්පලගේ මහතා (21) පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළා.

“අපි පැහැදිලිව හඳුනාගත්තා ඇත්තටම අපි මේක ස්ථානීය පරීක්ෂණ හරහාත් අපි සාක්ෂාත් කරගත්තා. අනෙක් කිසිදෙයක් වෙනස් වෙලා තිබුණේ නෑ. වෙනස්වෙලා තිබුණ මුලික දේ තමයි මේ සිලින්ඩරය තුළ තියෙන ගෑස්. ඇත්තටම ඒක වෙනස් වෙලා තියෙනවා. ඒ කියන්නේ ඒක සති දෙකෙන් දෙකට හරි මාසෙන් මාසෙට හරි ගෙවල්වලට වෙනස් වෙනස් විදියට ලැබෙනවා. ඒත් එක්කම සිලින්ඩරයත් ලැබෙනවා. නමුත් අපේ අධ්‍යයන කමිටුව පැහැදිලිව දෙන නිගමනයක් තමයි සිලින්ඩරය පුපුරා යෑමට තියෙන අවකාශය ඉතාම අවමයි. අවසානයේ අපිට නිරීක්ෂණය කරන කොට අපි දැකපු කරුණක් තමයි පසුගිය කාලය තුළ සංයුතියේ යම් ඉහළයෑමක් සිදුවෙලා තියෙනවා. ඇත්තටම ඒක 40කට කිට්ටු අගයක් ඇවිල්ලා තියෙනවා. සංයුතියේ සිදුවු වෙනස්වීමක් සමග ඇති වු අනෙකුත් කරුණු තමයි අවසානයේ මේ අනතුරුවලට හේතු වුණේ කියන එක තමා අපේ වාර්තාවේ සඳහන් වෙලා තියෙන්නේ.”

Exit mobile version