දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය යළි පිහිටුවීමට උත්සාහ කළ බවට පවසමින් ශ්‍රී ලාංකිකයන් 15 දෙනෙකු කෙරෙහි ඉන්දීය ජාතික අපරාධ බුද්ධි අංශය චෝදනා කර ඇත.
මේ සම්බන්ධයෙන් ඉන්දීය පුවත්පතක් තොරතුරු පළ කර ඇත. මෙම 15 දෙනාම අවි ජාවාරම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සිද්ධීන් සඳහා අත්අඩංගුවට ගෙන ඇත.
පසුගිය මාර්තු මස 25 වන දින අරාබි මුහුදේ ධීවර යාත්‍රාවල සිට අත්අඩංගුවට පත් අයද මෙම සිද්ධියට සම්බන්ධ අය වේ.
-IBCTamil