Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අපනයනය ඉලක්ක කරගත් කිතුල් ආශ්‍රිත නිෂ්පාදන පෙළක්

අපනයනය ඉලක්ක කරගත් කිතුල් ආශ්‍රිත නිෂ්පාදන පෙළක්

අපනයනය ඉලක්ක කරගත් කිතුල් ආශ්‍රිත නිෂ්පාදන පෙළක්

කිතුල් ආශ්‍රිත නිෂ්පාදන පෙළක් ජනගත කිරීම සහ නවීනතම තාක්ෂණයෙන් යුත් කර්මාන්ත ශාලාව විවෘත කිරීම කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් (14) සිදු කෙරිණ.

මෙරට කිතුල් ආශ්‍රිත කර්මාන්තයේ විප්ලවීය වෙනසකට මග පාදමින් අපනයනය ඉලක්ක කරගත් “රාගා” සන්නාමය යටතේ මෙම නිෂ්පාදන එළි දක්විණි.

කර්මාන්ත අමාත්‍යාංශයට අයත් කුරුවිට පිහිටි නන්ද එල්ලාවල කර්මාන්තපුරයේ, කිතුල් ආශ්‍රිත නිෂ්පාදන නිපදවීම වෙනුවෙන් ඇග්‍රි දේශීය පෞද්ගලික සමාගම ඉදි කළ නවීනතම තාක්ෂණයෙන් යුත් කර්මාන්ත ශාලාව ද කර්මාන්ත අමාත්‍යවරයා විසින් විවෘත කෙරිණි.

මෙම අවස්ථාවට දුමින්ද දිසානායක, අරුන්දික ප්‍රනාන්දු යන රාජ්‍ය අමාත්‍යවරුන් ඇතුළු නිලධාරීන් රැසක් එක්ව සිටියහ.

Exit mobile version