Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

දෙහිවල හිපපොටේමස් අරණ දැන් මහජනතාවට දැකබලා ගැනීමට විවෘතයි

දෙහිවල හිපපොටේමස් අරණ දැන් මහජනතාවට දැකබලා ගැනීමට විවෘතයි

දෙහිවල හිපපොටේමස් අරණ දැන් මහජනතාවට දැකබලා ගැනීමට විවෘතයි

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ අලුතින් ඉදිකළ හිපපොටේමස් සත්ත්ව අරණ (09) විවෘත කෙරුණි.

ඒ සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ශිරෝමි රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන්.

රුපියල් මිලියන 67ක වියදමින් මෙම හිපපොටේමස් අරණ ඉදිකිරීමට සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව කටයුතු කළා. ඒ පර්චස් 60ක භූමි ප්‍ර දේශයකයි. අප්‍රිකා කලාපය නිජබිම් කරගත් හිපපොටේමස් සත්ව විශේෂ දෙකක් දෙහිවල සත්වෝද්‍යානයේ වාසය කරනවා. නයිල් හිපපොටේමස් සහ කුරු හිපපොටේමස් එම සත්ව විශේෂ දෙකයි. මෙම හිපපොටේමස් සතුන්ගේ ආයු කාලය වසර 40ක් බවයි සත්වෝද්‍යාන නිලධාරීන් සදහන් කළේ. හිපපොටේමස් මවක් වසරකට එක් පැටවෙකු බිහිකරනවා.

අලුතින් ඉදිකරන ලද හිපපොටේමස් සත්ව අරණ තුළ නයිල් හිපපොටේමස් සතුන් 5 දෙනෙකු සිටින අතර මව පියා සහ පැටවුන් තුන්දෙනායි එලෙස රදවා ඇත්තේ. මෙම පැටව් තිදෙනාම උපත ලබා ඇත්තේ දෙහිවල ජාතික සත්වෝද්‍යානය තුලයි. මේ වසරේ සැප්තැම්බර් මස පළමුවනදා උපත ලද හිපපොටේමස් පැටවෙකු ද එහිදී දැකබලා ගැනීමට අවස්ථාව සැලසීම විශේෂත්වයකි.

මෙම හිපපොටේමස් සතුන් සත්ත්ව හුවමාරු වැඩ සටහන යටතේ 2012 ඔක්තෝබර් 01 වැනිදා චෙක් ජනරජයේ ප්‍රාග් සත්වෝද්‍යානයේ සත්ව හුවමාරු වැඩසටහන යටතේ මෙරටට ගෙන්වා තිබෙනවා.

Exit mobile version