Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඇමෙරිකා ඉතිහාසයේ දරුණුතම ටොනේඩෝ සුළි කුණාටු තත්ත්වයෙන් සිදුවූ මරණ 80 ඉක්මවයි

ඇමෙරිකා ඉතිහාසයේ දරුණුතම ටොනේඩෝ සුළි කුණාටු තත්ත්වයෙන් සිදුවූ මරණ 80 ඉක්මවයි

ඇමෙරිකා ඉතිහාසයේ දරුණුතම ටොනේඩෝ සුළි කුණාටු තත්ත්වයෙන් සිදුවූ මරණ 80 ඉක්මවයි

අමෙරිකාවේ ප්‍රාන්ත ගණනාවකට බලපා ඇති අයහපත් කාලගුණයෙන් ජීවිතක්ෂයට පත්ව ඇති සංඛ්‍යාව 80 දක්වා ඉහළ ගොස් තිබෙනවා. කෙසේ වුවද මරණ සංඛ්‍යාව 100 ඉක්මවනු ඇති බවටයි සහන කණ්ඩායම් සඳහන් කරන්නේ.

ටොනේඩෝ සුළි කුණාටු හේතුවෙන් වැඩිම බලපෑමක් එල්ල වි ඇත්තේ ඇමෙරිකාවේ කෙන්ටකි ප්‍රාන්තයටයි. ආපදාවට පත් වූ ජනතාවට අවශ්‍ය සහන කටයුතු සම්පාදනයට රජය මුදල් ලබා දෙන බව ජනාධිපති ජෝ බයිඩ්න් ජාතිය අමතමින් ප්‍රකාශ කර සිටියා. දේපළ හා ජීවිත හානි හේතුවෙන් හදිසි තත්ත්වයක්ද ප්‍රකාශයට පත් කිරීමටයි ජනාධිපතිවරයා පියවර ගත්තේ.

ඇමෙරිකා ඉතිහාසයේ මේ වනතෙක් බලපෑ දරුණුතම ටොනේඩෝ සුළි කුණාටු තත්ත්වය මෙය බවයි ජෝ බයිඩ්න් සඳහන් කරන්නේ. නත්තල් උත්සව සමය සඳහා අවශ්‍ය ඉටිපන්දම් නිෂ්පාදනය කරන කර්මාන්තශාලාවක් සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව තිබෙනවා. එහි සිටි හතළිස් දෙනෙකුගේ පමණ ජීවිත බේරා ගැනිමට සහන කණ්ඩායම් සමත්ව ඇති බවයි වාර්තා වන්නේ. තවත් පිරිසක් අතුරුදන්ව ඇති බවද සඳහන්.

Exit mobile version