Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

නි‍යෝජ්‍ය පොලිස්පතිවරු 06ට හදිසි ස්ථානමාරු

නි‍යෝජ්‍ය පොලිස්පතිවරු 06ට හදිසි ස්ථානමාරු

නි‍යෝජ්‍ය පොලිස්පතිවරු 06ට හදිසි ස්ථානමාරු

නි‍යෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකු සහ වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කර නව රාජකාරි සඳහා පත්කර ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

පොලිස් මූලස්ථානයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටින්නේ මහජන ආරක්ෂක ලේකම්වරයාගේ අනුමැතිය පරිදි රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව සේවයේ අවශ්‍යතාවය පරිදි මෙම ස්ථාන මාරුවීම් ලබාදී ඇති බවය.

ඒ අනුව, නුවරඑළිය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති වී. ජී. ඩී. ඒ. කරුණාරත්න මහතා අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසත්, නියෝජ්‍ය පොලිස්පති එස්. ඩබ්. එම්. සේනාරත්න මහතා නාවික හා සංචාරක දිසාව භාර නියෝජ්‍ය පොලිස් තනතුරේ සිට මාතර හා හම්බන්තොට දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙසත් පත්කර තිබේ.

නියෝජ්‍ය පොලිස්පති ඊ. එම්. යූ. වී. ගුණරත්න මහතාට ප්‍රජා පොලිස් හා පරිසර ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරට අමතරව නාවික හා සංචාරක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ධුරයේ රාජකාරි ආවරණය සඳහා ද පත්කර තිබේ.

කිළිනොච්චිය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ වැඩබලන නියෝජ්‍ය පොලිස්පති ජේ. එස්. වීරසේකර මහතා රත්නපුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසත්, වැඩබලන නියෝජ්‍ය පොලිස්පති එස්. පී. රණසිංහ මහතා පොලිස් මූලස්ථානයේ සිට නුවරඑළිය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසත් පත්කර ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ කටයුතු කළ වැඩබලන නියෝජ්‍ය පොලිස්පති එච්. සමුද්‍රජීව මහතා කිලිනොච්චිය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මාරුකර ඇත.

Exit mobile version