Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අල්ලා දෙවියන්ට අපහාස කළැයි කියන නඩුවෙන් ඥාණසාර හිමි නිදහස් කිරීමට නියෝග

ආණ්ඩුවේ ප්‍රභලයින් හා ඉස්ලාමීය අන්තවාදීන් අතර සමීප සබදතාවයක් තියෙනවා – ඥානසාර හිමි

ආණ්ඩුවේ ප්‍රභලයින් හා ඉස්ලාමීය අන්තවාදීන් අතර සමීප සබදතාවයක් තියෙනවා – ඥානසාර හිමි

පොලොන්නරුව සින්නවෙලපට්ටි ගම්මානයේදී සහ මෙහෙරගොඩලැල්ල ප්‍රදේශයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් මුස්ලිම් ජනතාවටත් ඉස්ලාම් ආගමටත් අල්ලා දෙවියන්ටත් අපහාස කළැයි කියන සිද්ධියකට අදාළ බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට එරෙහි නඩුවෙන් උන්වහන්සේ නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී. රාගල මහතා (10) නියෝග කළේය.

මෙම සිද්ධියට අදාළ නඩු කටයුතු තවදුරටත් ඉදිරියට පවත්වාගෙන නොයන බැවින් සැකකාර ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් නඩුවෙන් නිදහස් කරන ලෙසට නිතිපතිවරයා ලබාදුන් උපදෙස් ප්‍රකාරව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

මෙම සිද්ධියට අදාළ පැමිණීල්ල සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය වෙත සිදුකර තිබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා විසිනි.

Exit mobile version