Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රුමේනියාවේ රැකියා සඳහා ගිවිසුම් දිර්ඝ කරගැනීමට පියවර – රාජ්‍ය ඇමති පියංකර ජයරත්න

විදේශගත ශ්‍රමිකයින් උණ්ඩියල් ක්‍රමයට එවූ මුදල් වංචා; රුමේනියාවේ රැකියා සඳහා ගිවිසුම් දිර්ඝ කරගැනීමට පියවර - රාජ්‍ය ඇමති පියංකර ජයරත්න

විදේශගත ශ්‍රමිකයින් උණ්ඩියල් ක්‍රමයට එවූ මුදල් වංචා; රුමේනියාවේ රැකියා සඳහා ගිවිසුම් දිර්ඝ කරගැනීමට පියවර - රාජ්‍ය ඇමති පියංකර ජයරත්න

විදේශ රැකියාවල නිරතව සිටින ශ්‍රමිකයින් විසින් නීත්‍යානුකූල නොවන අන්දමින් එනම් උණ්ඩියල් ක්‍රමයට මුදල් එවීම නිසා, එම මුදල් අදාල අය වෙත ලබා නොදී වංචා කර ඇති බවට තමන් වෙත වාර්ථා වී ඇතැයි විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොල විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතා පවසයි. මේ සම්බන්ධව විදේශ ගත ශ්‍රමිකයින් කිහිප දෙනෙකුගේ පවුලේ ඥාතීන් විසින් තමන්ට දන්වා ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

රුමේනියාවේ ඉදිකිරීම් රැකියා සඳහා පිටත්ව යන ශ්‍රමිකයින් කිහිප දෙනෙකුට ලිපි ලේඛන ලබාදීමේ අවස්ථාවට එක් වෙමින් පියංකර ජයරත්න මහතා පසුගියදා (03) රාජ්‍ය අමාත්‍යාංශයේදී මෙම අදහස් ප්‍රකාශ කළේය.

වාණිජ බැංකු හරහා මුදල් එවන ශ්‍රමිකයින්ට රජය මගින් සෑම ඩොලරයකටම අතිරේක රු.10ක් හා තවත් සහන රැසක් ලබාදෙන අතර, විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් ස්වයං රැකියා ආධාර, නිවාස ණය වැනි පහසුකම්ද සපයන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ශ්‍රී ලාංකිකයන්ට රුමේනියාවේ රැකියා සඳහා ගිවිසුම් ගත විය හැක්කේ වසරක කාලයක් සඳහා පමණක් බැවින් එය වසර දෙකක් දක්වා දිර්ඝ කරගැනීමට එරට රජය සමග සාකච්ඡා කරන බවත් දැනටමත් වසරක ගිවිසුම තවත් වසරකින් දීර්ඝ කරනු ලබන අවස්ථා ඇතත් එසේ සිදුකරන්නේ ශ්‍රමිකයාගේ හැසිරීම හා වැඩකිරිමේ හැකියාව මත බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

රුමේනියා රැකියා සඳහා මේවන විට තානාපති කාර්යාලයේ 800 දෙනෙකුගේ පමණ නාමලේඛනයක් තිබෙන බව කී ජයරත්න මහතා ඉදිරියේදී ඔවුන්ද රැකියාවලට යොමුකිරිමට හැකිවනු ඇතැයි පැවැසීය.

රුමේනියා රැකියා සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශය අය කරනු ලබන්නේ ලියාපදිංචි හා පරිපාලන ගාස්තුව, වීසා හා ගුවන් ටිකට්පත් ගාස්තුව පමණක් වන බව කී රාජ්‍ය අමාත්‍යවරයා කාර්යාංශය මගින් විශාල මුදලක් රුමේනියා රැකියා සදහා අයකරන බවට පැතිර යන ආරංචිය සාවද්‍ය බවද සදහන් කළේය.

Exit mobile version