Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

දරුණු ආර්ථික අර්බුදය පිළිකාවට වේදනාකාරී සැත්කමක් අත්‍යාවශ්‍යයි – ආචාර්ය ලලිත සිරි ගුණරුවන්

මේ වනවිට රටේ ඇතිවී තිබෙන දරුණු ආර්ථික අර්බුදය පිළිකාවකට සමාන බවත් එයින් රෝගියා මුදවා ගැනීමට නම් වේදනාකාරී සැත්කමක් කිරීම අත්‍යාවශ්‍ය බව කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ ආචාර්ය ලලිත සිරි ගුණරුවන් පෙන්වා දෙයි.

ඔහු මේ බව පෙන්වා දී තිබෙන්නේ ලංකාදීප පුවත්පතේ මාධ්‍යවේදී බිඟුන් මේනක ගමගේ කළ සම්මුඛ සාකච්ඡාවකදී ය. අද (08) එම පුවත්පතේ අදාළ සම්මුඛ සාකච්ඡාව පළ කර තිබේ. ආචාර්යවරයා මෙහිදී අවධාරණය කර තිබෙන්නේ රටට ඩොලර් උපයා දෙන විදේශ රැකියා නියුක්තිකයන් ඇතුලු පිරිස උපයා දෙන ඩොලර් නාස්තිකාර ලෙස වියදම් කිරීමේ රටාවක් ස්ථාපිත කර තිබෙන බවය.

“ඩොලර් උපයන්නන්ට තීරුබදු රහිත වාහන බලපතක් දියයුතු යැයි ඇතැමුන් කියති. එහෙත් මේ රටේදී එම වරප්‍රසාදය හිමි වන්නේ මන්ත්‍රීවරුන්ට ය. විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට ය. වෛද්‍යවරුන්ට ය. එසේ වුවදය,යතාර්ථයේදී මේ රටේ ඩොලර් උපයන්නන් අතර පළමු පෙළ නම් අභාග්‍ය සම්පන්න වෘත්තීය කොන්දේසි මැද සේවය කරන ඇඟළුම් කම්හල් සේවක පිරිස ය. දෙවැනි පිරිස නම් තේ වතුවල වැඩ කරන කාන්තාවෝ ය. තෙවැනියට විදෙස් ගතව නොවිඳිනා දුක් විඳින ගෘහ සේවිකාවෝ ය.” යනුවෙන් තම මතය තහවුරු කර තිබේ.

Exit mobile version