Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මියන්මාර මිලිටරි අධිකරණයෙන් අවුන් සාන් සුකීට වසර 4ක සිරදඩුවමක්

මියන්මාර මිලිටරි අධිකරණයෙන් අවුන් සාන් සුකීට වසර 4ක සිරදඩුවමක්

මියන්මාර මිලිටරි අධිකරණයෙන් අවුන් සාන් සුකීට වසර 4ක සිරදඩුවමක්

මියන්මාරයේ පාලන බලය අල්ලාගෙන සිටින මිලිටරි ජුන්ටාව හමුදාවට එරෙහිව විසම්මුතිය ඇති කිරීම සහ කොවිඩ් නීති කඩ කිරීම සම්බන්ධයෙන් ඔවුන්ගේම අධිකරණයක් මගින් නඩු විමසා එරට හිටපු සිවිල් නායිකා අවුන් සාන් සුකී හට වසර 04ක සිර දඩුවම් නියම කර තිබේ.

“505(b) වගන්තිය යටතේ වසර දෙකක සිරදඬුවමක් සහ ස්වභාවික ආපදා නීතිය යටතේ වසර දෙකක සිරදඬුවමක්” නියම කර ඇති බව ජුන්ටා ප්‍රකාශක Zaw Min Tun පැවසීය. හිටපු ජනාධිපති Win Myint ද එම චෝදනා යටතේම වසර හතරක් සිරගත කෙරුණු බවත් ඔහු පැවසීය. නොබෙල් සම්මාන ලාභි 76 හැවිරිදි සූ කී මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදී රජයක් පවත්වා ගිය නමුත් කෙටි කලකින්ම එය අවසන් කරමින් 2021 පෙබරවාරි 1දා අලුයම ජෙනරාල්වරුන් විසින් ඇගේ රජය නෙරපා හැරීමෙන් පසු රඳවා තබා ඇත. එතැන් සිට ජුන්ටාව නිල රහස් පනත උල්ලංඝනය කිරීම, දූෂණය සහ මැතිවරණ වංචා ඇතුළු අනෙකුත් අධිචෝදනා රැසක් ඇයට එල්ල කර ඇති අතර අනෙක් නඩු තවම අවසන් නැත.

ඒවාටද වරදකාරිය වුවොත් ඇය දශක ගණනාවක් සිරගත වීමට සිදුවනු ඇතැයි ආරංචි මාර්ග දන්වා ඇත.

හමුදාව විසින් ඉදිකරන ලද අගනුවර විශේෂ උසාවියේ නඩු කටයුතු මාධ්‍යවේදීන්ට තහනම් කර ඇති අතර සුකීගේ නීතීඥයින්ටද මාධ්‍ය වෙත අදහස් දැක්වීම මෑතකදී තහනම් කරන ලදී.
ජුන්ටාවට එරෙහිව පසුගිය කාලයේ සටන් වැදි 1,300 කට වැඩි පිරිසක් මිය ගොස් 10,000 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත.

Exit mobile version