Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කොස් සහ කොස් ආශ්‍රිත නිෂ්පාදන ප්‍රචලිත කිරීමේ “කොස් උරුමයක පුනරුදය” ජාතික ව්‍යාපෘතිය ඇරඹේ

කොස් සහ කොස් ආශ්‍රිත නිෂ්පාදන ප්‍රචලිත කිරීමේ "කොස් උරුමයක පුනරුදය" ජාතික ව්‍යාපෘතිය ඇරඹේ

කොස් සහ කොස් ආශ්‍රිත නිෂ්පාදන ප්‍රචලිත කිරීමේ "කොස් උරුමයක පුනරුදය" ජාතික ව්‍යාපෘතිය ඇරඹේ

කර්මාන්ත අමාත්‍යංශය සහ කොස් සහ කොස් ආශ්‍රිත නිෂ්පාදන ප්‍රචලිත කිරීමේ ‘කොස් උරුමයක පුනරුදය‘ ජාතික ව්‍යාපෘතිය ඇරඹීය.

මෙම ජාතික ව්‍යාපෘතියෙහි සමාරම්භක උළෙල බත්තරමුල්ල, ‘අපේ ගම‘ පරිශ්‍රයේදී කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙහිදී අදහස් දැක්වූ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසුවේ ශ්‍රී ලංකාවේ ආහාර සංස්කෘතිය නිසිමගට ගැනීමේදී කොස් ආශ්‍රිත නිෂ්පාදන ප්‍රචලිත කිරීම ඊට ඉමහත් රුකුලක් වන බවත් බහුජාතික සමාගම්වල වස විස සහිත පරිභෝජන ද්‍රව්‍ය ප්‍රචලිත කිරීමෙහි යෙදෙන, ඒවායේ සන්නාම තානාපතිවරුන් ලෙස පෙනී සිටින නළු නිළියන්, ජනප්‍රිය ක්‍රීඩකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන් දැකගත හැකි බවත්ය.

කොස් ආශ්‍රිත පර්යේෂණ රැසක නියැලෙමින් කොස් ආශ්‍රිත නිෂ්පාදන ප්‍රචලිත කිරීමේ අනගි මෙහෙවරක යෙදී සිටින මොරටුව විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය සුගත් රෝහිත මහතා ද එම අවස්ථාවට සහභාගි විය.

ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියෙහි සභාපති සුනිල් ජයරත්න, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Exit mobile version