Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ආයෝජන මණ්ඩලයේ සභාපති, අධ්‍යක්ෂ ජනරාල් සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් ඉල්ලා අස්වේ

ආයෝජන මණ්ඩලයේ සභාපති, අධ්‍යක්ෂ ජනරාල් සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් කිහිප දෙනෙකු ඉල්ලා අස්වේ

ආයෝජන මණ්ඩලයේ සභාපති, අධ්‍යක්ෂ ජනරාල් සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් කිහිප දෙනෙකු ඉල්ලා අස්වේ

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති, අධ්‍යක්ෂ ජනරාල් සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් කිහිප දෙනෙකු සිය තනතුරුවලින් ඉල්ලා අස්වී තිබේ.

ඒ අනුව, සභාපති – සංජය මොහොට්ටාල මහතා ඇතුළු පිරිස ඉල්ලා අස්වූ බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

අදාළ නිවේදනයේ දැක්වෙන්නේ, විදෙස් ආයෝජන සම්බන්ධයෙන් අපේක්ෂිත පරිවර්තනය සාක්ෂාත් කර ගැනීම සඳහා මෙම නිලධාරීන් දැරූ උත්සහය, ආයෝජන මණ්ඩලය තුළ සහ ඉන් පිටත, තම ආත්ම අභිලාසය ගැන පමණක් සලකා ක්‍රියා කරන කණ්ඩායම්වල දැඩි සහ අඛණ්ඩව ප්‍රතිරෝධයට ලක් වූ බවය.

රටට අවශ්‍ය පරිමාණයෙන් සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමට නම්, ජාත්යන්තර වේදිකාවේ තරග කිරීමට අවශ්‍ය සාධක ද, එහි යථාර්ථයන් ද අවබෝධ කර ගැනීමට එම කණ්ඩායම් අසමත් වූ අතර, ඊට අවශ්ය ක්‍රියාවලි ද ප්‍රතික්ෂේප කළ බවද එහි දැක්වේ.

මෙම අවාසනාවන්ත සිදුවීම් හේතු කොටගෙන, ආයෝජන මණ්ඩලයේ නායකත්වය ඔවුන් විසින් හඳුන්වාදුන් ප්‍රතිසංස්කරණ වැඩසටහන් ඉදිරියට ක්‍රියාත්මක කිරීමට යෙදුණේ නම්, එය ශ්‍රී ලංකාවේ ආර්ථික අනාගතයට රුකුලක් වන බව ඔවුන්ගේ දැඩි විශ්වාසය වූ බවද අදාළ නිවේදනයේ සඳහන් වේ.

Exit mobile version