Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සියලුම විෂය කරුණු ඉගැන්වීමට නියෝග කිරීමෙන් සිසුන්ට දැඩි අසාධාරණයක් – ලංකා ගුරු සංගමය

පාසල්වල ජල බිල්පත් ගෙවීම දෙමවුපියන් මත පැටවීමේ තීරණය වහා අවලංගු කරන්න - ලංකා ගුරු සංගමය

පාසල්වල ජල බිල්පත් ගෙවීම දෙමවුපියන් මත පැටවීමේ තීරණය වහා අවලංගු කරන්න - ලංකා ගුරු සංගමය

ආණ්ඩුව ගැසට් නිවේදන රිවස් කරන ආකාරයට අධ්‍යාපන ලේකම්වරයාත් අධ්‍යාපනට අදාළ චක්‍රලේඛ රිවස් කිරීමට කටයුතු කරමින් තිබෙන බවත්, මේ නිසා ලක්‍ෂ හතළිස් තුනක් වූ පාසල් සිසුන්ට දැඩි අසාධාරණයක් සිදුවෙමින් තිබෙන බවත් ලංකා ගුරු සංගමය සඳහන් කරයි.

කෝවිඩ් තත්වය තුළ පසුගිය වසරේ මාර්තු මාසයේ සිට අධ්‍යාපනය අහිමි වූ පාසල් සිසුන්ට මේ වසර තුළදී ඉගැන්විය යුතු විෂය කරුණු පිළිබඳ ජාතික අධ්‍යාපන ආයතනය විසින් සකස්කළ විෂය මාලාව මේ මස 11 වැනිදා අධ්‍යාපන ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් මගින් ප්‍රකාශයට පත්කළ බවද එම සංගමයේ ලේකම් ජෝශෂ්ටාලින් මහතා පැවසීය.

මේ අනුව ගුරුවරුන් පාසල් සිසුන්ට ඉගැන්වීම් කටයුතු සිදුකළ අතර, එසේ තිබියදී පසුගිය 26වැනිදා අධ්‍යාපන ලේකම්වරයා චක්‍රලේඛයක් නිකුත් කරමින් සඳහන් කළේ, සියලුම විෂය කරුණු ඉගැන්විය යුතු බවට සඳහන් කළ බවත්, මෙම තීරණය නිසා ගැටලු රැසක් නිර්මාණය වී තිබෙන බවත්ය. ගෙවී ගිය කාලය තුළ ගුරුවරුන් ඔන්ලයින් තාක්‍ෂණය ඔස්සේ පාසල් සිසුන්ට ඉගැන්වීම් කටයුතු සිදුකළත් ඔන්ලයින් තාක්‍ෂණය විශාල සිසුන් පිරිසකට නොමැති වීම නිසා එම සිසුන්ට දැඩි අසාධාරණයක් සිදු වූ බවත්, මේ අනුව කෙටිකාලයක් තුළ පාසල් සිසුන්ට ලබාදිය යුතු අධපන කරණු පිළිබඳ සලකා බලා ජාතික අධ්‍යාපන ආයතන වැඩපිළිවෙළක් සකස්කළ බවත් හෙතෙම සඳහන් කළේය.

එසේම අධ්‍යාපන ලේකම්වරයාගේ නව චක්‍රලේඛය නිසා එම වැඩපිළිවෙළ අතරමග නැවතී යන බවත්, සියලුම විෂය කරුණු සැලකිල්ලට ගෙන ඉදිරියේදී පැවැත්වීමට නියමිත විභාග සඳහා ප්‍රශ්න පත්‍ර සකස් කිරීමට කටයුතු කළහොත් විභාගවලට පෙනීසිටීමට නියමිත පාසල් සිසුන්ටත් අසාධාරණයක් සිදුවන බවත් ලේකම්වරයා පැවසීය.

මේ නිසා ජාතික අධ්‍යාපන ආයතනය විසින් සකස් කළ විෂය කරුණු පමණක් සිසුන්ට ඉගැන්වීමට අවශ්‍ය කටයුතු කළ යුතු බවත්, අධ්‍යාපන ලේකම්වරයාගේ ක්‍රියාකලාපය පිළිබඳ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට පැමිණිලි කරන බවත් ජෝශප් ස්ටලින් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Exit mobile version