Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සෙන්පති නිවෙස (general’s house) ගැන කතානායකට පැමිණිල්ලක්

පාර්ලිමේන්තුව වාර අවසාන කරයි

පාර්ලිමේන්තුව වාර අවසාන කරයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විවේක සුව ගැනීම සඳහා පිහිටුවනු ලැබ ඇති නුවරඑළියේ සෙන්පති නිවෙසේ (general’s house) ලැගුම් ගැනීම සඳහා ඇතැම් මන්ත්‍රීවරුන් සිය හිතවතුන් සහ ඥාතීන්ට ලබාදීම නිසා එහි විවේක ගැනීමට යන තමන්ගේ සහ තම පවුල්වල සාමාජිකයන්ගේ නිදහසට බාධා මතුව ඇතැයි මන්ත්‍රීවරුන් පිරිසක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට පැමිණිලි කර ඇත.

මේ කාරණය කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඉකුත් (24) පැවැති ගෘහ කාරක සභා රැස්වීමේදීද දීර්ඝ ලෙස සාකච්ඡාවූ බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

ඇතැම් මන්ත්‍රීවරුන් සිය ඥාතීන් සහ හිතවතුන් නුවරඑළියේ සෙන්පති නිවෙසේ ලැගුම් ගැනීමට යොමු කිරීම නිසා එය වැළැක්වීමේ පියවරක් ලෙස එහි කාමර වෙන් කරවා ගැනීම සඳහා අදාළ මන්ත්‍රීවරයා අනිවාර්යෙන්ම පැමිණිය යුතු බවටවූ නියෝගයක් පාර්ලිමේන්තු බලධාරින් විසින් පසුගියදා පනවනු ලැබීය.

මේ නියෝගය නිසා ඇතැම් මන්ත්‍රීවරුන් සිය ඥාතීන් හා හිතවතුන් සමග පැමිණ කාමර ඔවුන්ට වෙන් කරවාදීමෙන් පසු පිටව යන බව දැනගන්නට ඇත. එමෙන්ම ඈත දුර බැහැර සිටින සමහර මන්ත්‍රීවරුන් නුවරඑළියේ පදිංචි ඇතැම් මන්ත්‍රීවරුන් මාර්ගයෙන්ද සෙන්පති නිවසේ කාමර සිය ඥාතීන්ට හා හිතවතුන්ට වෙන්කරවා ගන්නා බවට තොරතුරු අනාවරණයවී ඇතැයි පාර්ලිමේන්තුව නිලධාරීහු පවසති.

සෑම මන්ත්‍රිවරයෙකුටම සිය පවුලේ සාමාජිකයන් සමඟ එක දිගට දින තුනක් මෙහි ලැගුම් ගත හැකි වන අතර කාමරයක් සඳහා දිනකට අය කෙරෙන ගාස්තුව රුපියල් 250 කි.

මෙම සෙන්පති නිවෙස පාලනය කරනු ලබන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී සේවා අංශය විසිනි.

Exit mobile version