Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

IMF වෙත ගියොත් අනෙත් මූල්‍ය ආයතන මගිනුත් ණය ගැනීමට හැකිවෙනවා – රනිල්

රට මුහුණ දීසිටින උග්‍ර ඩොලර් හිඟය විසඳා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යෑමෙන් අනෙකුත්ජාත්‍යන්තර මූල්‍ය ආයතන මගින්ද ණය ගැනීමේ හැකියාව ලැබෙන බව එක්සත් ජාතික පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ලෝකයේ අනෙකුත් රටවල්හා ශ්‍රී ලංකාව මුහුණ දීසිටින වත්මන් අර්බුදකාරී තත්ත්වය යටතේ රැකියාවලින් ඉවත්කිරීම වැනි කොන්දේසි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ අවස්ථාවේදී
නොපනවනු ඇතැයිද රනිල් වික්‍රමසිංහ මහතා එහිදී ප්‍රකාශ කළේය.

ලබන වසර මැද වන විට බිලියන 06කට ආසන්න ණය මුදලක් ගෙවීමට ඇතිබැවින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපකාර ලබාගැනීම හැර වෙනත් විකල්පයක් රජයට නොමැති බවද වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගනුදෙනුකිරීම අනෙකුත්මූල්‍ය ආයතනවලින් ණය ගැනීමට
ලැබෙන සහතිකයක් ලෙසට සැලකිය හැකි බවත්, මූල්‍ය අරමුදල සමග ඇති ගිවිසුම යටතේ රුපියලේ අගය 240ට තබාගත හැකි වුවද, මූල්‍ය අරමුදල සමග ගනුදෙනු නොකළහොත් ඩොලරයකට ගෙවිය යුතුමුදල රුපියල් 300ක් දක්වා ඉහළ යාමට ඉඩ තිබෙන බවද වික්‍රමසිංහ මහතා පවසා සිටියේය.

ඔහුමේ බව සඳහන් කළේ පක්ෂ ජ්‍යෙෂ්ඨයන් සමග සූම් තාක්ෂණය ඔස්සේ (25) වන දින පෙරවරුවේ පැවති විශේෂ සාකච්ඡාවකදීය.

Exit mobile version