Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මාධ්‍ය වාර්තා අසත්‍යයි – ගෑස් සිලින්ඩර පිපිරීම ගැන රස පරීක්‍ෂකගෙන් නිවෙදනයක්

මාධ්‍ය වාර්තා අසත්‍යයි - ගෑස් සිලින්ඩර පිපිරීම ගැන රස පරීක්‍ෂකගෙන් නිවෙදනයක්

මාධ්‍ය වාර්තා අසත්‍යයි - ගෑස් සිලින්ඩර පිපිරීම ගැන රස පරීක්‍ෂකගෙන් නිවෙදනයක්

පසුගිය දින කිහිපය තුළ සිදුවු ගෑස් පිපිරීම් ආශ්‍රිත සිදුවීම් එම වායුවේ සංයුතිය වෙනස්වීම හේතුවෙන් සිදු වන බවට සමාජය තුළ පැතිර යන පුවත් අසත්‍ය බව ආණ්ඩුවේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
(25) දින නිවේදනයක් නිකුත් කරමින් ආණ්ඩුවේ රස පරීක්ෂකවරයා මේ බව සඳහන් කර තිබෙනවා.

ඒ අනුව පසුගිය 20 වනදා කොළඹ තුරග තරග පිටිය අසල අවන්හලක ඇති වු ගින්න ද්‍රව පෙට්‍රෝලියම් වායුව අදාළ අවන්හල තුළ කාන්දුවීමක් සිදුවු බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.

ඒ අනුව එම වායුව, වායු කලාපය තුළ පුපුරා ගොස් ඇති බව හා එම අවස්ථාවේ ක්‍රියාකාරීව පැවති විදුලි උපකරණයකින් නිකුත් වූ විදුලි පුලිඟුවක් මඟින් එම වායුව ජ්වලනය වීම හේතුවෙන් ගින්න හට ගත් බවට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව මඟින් දැනුම් දුන් බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.

පිළිගත හැකි පැහැදිලි හේතුවක් නොපෙන්වා මෙරට ගෘහස්ථ භාවිතය සඳහා ගන්නා එල් පී ගෑස් සංයුතිය වෙනස් කිරීමට පළමුව ලිට්රෝ සමාගම තීරණය කළේ එහි සිලින්ඩරයේ ගෑස් පරිමාණය අඩු කර එයට නව වෙළඳ නාමයක්ද එක් කරමින්. පසුගිය අප්‍රේල් මාසයේ සිට ලිට්‍රෝ සහ ලාෆ්ස් සමාගම් විසින්, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අනුමැතියකින්ද තොරව සිලින්ඩරයක ගෑස් සංයුතිය බුටේන් සහ ප්‍රොපේන් 50:50 ලෙස වෙනස් කළා.

ඒ එතෙක් පැවති අඩුවෙන් ගිනි ගන්නා බුටේන් 80 සහ වැඩියෙන් ගිනිගන්නා ප්‍රොපේන් 20 පිළිවෙළ වෙනස් කරමින්.

මෙම පියවර සාධාරණීකරණය කිරීමට ලිට්ට්‍රෝ සමාගමේ එවක පාලනාධිකාරිය කියා සිටියේ මෙම ගෑස් සංයුති වෙනස හරහා වඩාත් අධික තාපයක් නිකුත් කිරීම හේතුවෙන් අඩු ගෑස් පරිභෝජනයකින් එදිනෙදා කටයුතු සිදුකර ගත යුතු හැකි බවයි.

කෙසේවෙතත් මෙසේ සිදු කෙරුණු ගෑස් සංයුති වෙනස හරහා බරපතල අනතුරුදායක තත්වයක් නිර්මාණය විය හැකි බවට දිගින් දිගටම ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට පාරිභෝගිකයින්ගෙන් පැමිනිලි සහ චෝදනා එල්ල වුණා.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සාධනීය පියවරක් නොගැනීම සම්බන්ධයෙන් මේ වන විට ප්‍රමිති ආයතනයට ද චෝදනා එල්ල වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තු නිලධාරියෙකු කියා සිටියේ මෙම සියලු පිපිරීම් ගෑස් සංයුතිය වෙනස් වීම නිසා සිදුවූවන් බවට තමාට දැඩි විශ්වාසයක් ඇති බවයි.

මෙවැනි අන්තරායන් පිළිබඳව අපි මේ වසරේ ජුනි මාසයේදී පුරෝකථනය කළේ, ශ්‍රී ලංකාව නිවර්තන කලාපීය රටක් අපේ සාමාන්‍ය උෂ්ණත්වය වැඩි ඒ නිසා LP ගෑස් සංයුතියේ අඩු ප්‍රොපේන් ප්‍රතිශතයක් සහ බියුටේන් වැඩි ප්‍රතිශතයක් තිබිය යුතුයි ඔහු වැඩිදුරටත් කියා සිටියා.

කෙසේ වෙතත් මෙවැනි වටපිටාවක් ඇති වී තිබෙන පසුබිමක ලිට්‍රෝ සමාගම (24) මාධ්‍ය හමුවක් පවත්වා ගෑස් සිලින්ඩරවල ප්‍රමිතිය පිළිබඳව පැහැදිලි කළා. ඒ වෙළෙඳපොළේ පවතින ගෘහස්ත ගෑස් සිලින්ඩරවල ප්‍රමිතිය සම්බන්ධයෙන් එල්ල වන චෝදනාවලට පිළිතුරු දෙමින්.

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමේ වෙළෙඳ හා අලෙවි අධ්‍යක්ෂ ජනක පතිරත්න මහතා,

“සියලුම ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව තමයි මේ සියලුම ගෑස් සහ සිලින්ඩර වෙළෙඳපොළට නිකුත් කරන්නේ.”

ලිට්‍රො ගෑස් ලංකා සමාගමේ රසායනික හා ක්‍රියාදාම ඉංජිනේරු ජයන්ත බස්නායක මහතා,

“කොළඹ ක්‍රීඩා අමාත්‍යාංශය අසල පිහිටි පෞද්ගලික අවන්හලක ඇතිවූ සිද්ධිය තමයි මෑතකදී සිදුවූ ප්‍රධානම සිදුවීම. එම ස්ථානයට අපේ ආයතනයෙන් LP ගෑස් සැපයුම සිදු කළේ නෑ. ඊට කලින් සිදුවීම් කිහිපයක් සිදුවුණා. ඒවා අපි අධ්‍යයනය කළාට පස්සේ අපිට දැනගන්න ලැබුණේ LP ගෑස් සිලින්ඩරය හා සම්බන්ධ කරන අනෙකුත් උපාංග..බටය වෙන්න පුළුවන්, උදුන වෙන්න පුළුවන්. දෝෂයක් නිසා LP ගෑස් කාන්දුවීම නිසා එම අනතුරු සිදුවෙන්නේ කියලා.”

Exit mobile version