Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අධිවේගී මාර්ගවල ගාස්තු අය කිරීමට LANKAQR

අධිවේගී මාර්ගවල ආරක්ෂාව රක්නා ලංකා යටතට

අධිවේගී මාර්ගවල ආරක්ෂාව රක්නා ලංකා යටතට

අධිවේගී මාර්ගවල ගාස්තු අය කිරීම ඩිජිටල්කරණය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව අධිවේගී මාර්ගවල අතින් ගාස්තු ගෙවීම එකතු කිරීමේ දොරටු සදහා ද LANKAQR හඳුන්වා දී ඇත. මෙම නව ක්‍රමවේදය හරහා තම ජංගම දුරකතනයේ අදාළ මුදල් සටහන් කර ඕනෑම බැංකුවක LANKAQR සක්‍රීය ජංගම ගෙවීම් යෙදුමක් හරහා ගාස්තු අය කිරීමේ ගේට්ටුවේ ඇති QR කේතය පරිලෝකනය (Scan) කිරීමෙන් තත්පර 8-10ත් අතර කාලයක් තුළ අදාළ ගෙවීම් සිදු කිරීමට රියැදුරන්ට හැකියාව ලැබෙනු ඇත.

මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් ඉදිරිපත් කර ඇති යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

Exit mobile version