Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පැන්ඩෝරා පේපර්ස්; එයාර් බස් මිලදී ගැනීම; මල්වානේ නිවෙස පිළිබඳ ස්ථාවරයත් කියන්න – අනුරගෙන් බැසිල්ට අභියෝගයක්

පැන්ඩෝරා පේපර්ස්; එයාර් බස් මිලදී ගැනීම; මල්වානේ නිවෙස පිළිබඳ ස්ථාවරයත් කියන්න - අනුරගෙන් බැසිල්ට අභියෝගයක්

පර්පෙචුවල් ‍ෙ‍ට්‍රෂරීස් සමාගම අයථා ලෙස උපයන ලද මුදල් කෝටි 850ක් නැවත භාණ්ඩාගාරයට කැඳවීම සඳහා ගෙනා යෝජනාවට ස්තුතිවන්ත වන බවත් පැන්ඩෝරා පේපර්ස් පිළිබඳව තම ස්ථාවරය රටට ඉදිරිපත් කරන ලෙසත් ජවිපෙ නායක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක මුදල් ඇමැති බැසිල් රාජපක්ෂට අභියෝග කරයි.

මෙමඟින් හෙළිදරව් වුණු තොරතුරු පිළිබඳව මෙන්ම රුපියල් කෝටි 3,500 පිළිබඳ ඔහුගේ ස්ථාවරය කුමක්දැයි ජවිපෙ නායකයා ප්‍රශ්න කරයි.

පළමු වතාවට එක් දූෂිත ගනුදෙනුවක රුපියල් බිලියන 8.5ක් (කෝටි 850ක්) රඳවාගෙන තිබෙන අතර එය මහා භාණ්ඩාගාරයට බැර කිරීම සඳහා යෝජනාවක් ගෙන ඒම ඉතා හොඳ ක්‍රියාවක් බවත් එමෙන්ම ලන්ඩන්වල හෙළිදරව් වූ විශාල ගනුදෙනුවක් වූ එයාර් බස් මිලදී ගැනීම 2014 වසරේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේනගේ බිරියගේ ගිණුමට ඩොලර් මිලියන 02ක් බැර කළ ගනුදෙනුව, මල්වානේ නිවෙස අක්කර ගණනක ඉඩම කාටවත් අයිති නැති මහා ඒ දේපළ ගැනත් තම ස්ථාවරය කියන්නැයි මන්ත්‍රිවරයා ඉල්ලීමක් කරයි.

මේ දූෂිතභාවයට ලංකාව පත් කර දේශපාලනයෙන් උපයා ගන්නා ලද දේපළ පවරා ගැනීම සඳහා අවංක චේතනාවක් තිබෙනවා නම් මීට වඩා බොහෝ කාරණා වෙත මුදල් ඇමැතිවරයාගේ යෝජනා සහ නිරීක්ෂණ ඉදිරිපත් විය යුතු යැයිද දිසානායක මහතා පෙන්වා දුන්නේය.

Exit mobile version